වට්ස්ඇප් නව රහස්‍යතා ප්‍රතිපත්තිය හේතුවෙන් එය අතහැර යන සමාර්ට් ජගංම දුරකථන භාවිත කරන්නන් සිග්නල් චැට් යෙදුමට මාරුවීම හිටිහැටියේ මිලියන ගණනකින් වැඩිවීම හේතුවෙන් සිග්නල් තාක්ෂණික ගැටලු රැසකට මැදිවී තිබේ.
මේ වනවිට ඔවුන්ගේ යෙදුම ලෝ පුරා භාවිත කරන සංඛ්‍යාව මිලියන 50ද ඉක්මවා ඇති බව සඳහන් වන අතර සිග්නල් වෙත පැමිණි විගස සාමාජිකයන්ට අත්විඳින්නට සිදුව ඇති අර්බුදය ගැන සිග්නල් ක්‍රියාකරුවන් කනගාටුව පළකරන අතර ඔවුන්ට දැවැන්ත අතිරේක ධාරිතා එක්කිරීමට සිදුව තිබේ.
ලාබ නොලබන ආයතනයක් ලෙස ආරම්භ කළ සිග්නල් භාවිත මෘදුකාංගය මෙම අනපේක්ෂිත අයුරින් සාමාජිකයන් ඉහළ යාම හමුවේ අධාර ලබාදෙන්නේ නම් වැඩිදියුණු කිරීම් සඳහා එය කෘතඥපූර්වකව බාරගන්න බව පවසයි.
වට්සැප් රහස්‍යතා ප්‍රතිපත්ති වෙනස් කිරීම බිලියන ගණනක වට්සැප් සාමාජිකයන් අර්බුදකාරී වාතාවරණයකට ගෙන ගිය අවස්ථාවේදී ලෝ සුපතල තාක්ෂණ ව්‍යාපාර නායකයෙකු මෙනම දැනට ලෝකයේ අංකේ එකේ ධනවතා ලෙස සැලකෙන ඇමෙරිකාවේ එලෝන් මස්ක් විසින් පළ කළ එක් ට්විටර් පණිවුඩයකින් සිග්නල් සාමාජිකයන් මිලියන ගණනින් ඉහළ යාමට බලපා ඇත.
සිග්නල් චැට් ඇප් එකෙහි මූලිකම ප්‍රතිපත්තිය වන්නේ පෞද්ගලිකත්වය සුරැකීමයි.
සිග්නල් හි විශේෂත්වය වන්නේ මෙම යෙදුම නිර්මාණය කරන ලද්දේ 2014 වසරේ වුවද එය ස්ථාවර ලෙස මුදාහැර දින 19ක් වැනි කෙටි කාලයකින් මෙම අධික ජනප්‍රියත්වයට පත් වීමය.