සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණ්ඩයේ නම කොටා කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තට එවූ මරණය…

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ක්ලබ් වසන්ත මරා දමා තිබේ. දීර්ඝ කාලීන සැලසුමක ප්‍රතිඵලයක් ලෙස ඔහුව මරා දමන්නේ දැනට ඩුබායි සහ ප්‍රංශය අතර සංක්‍රමණය වෙමින් ජීවත්වන කුප්‍රකට පාතාල අපාරධකරු වූ කංජිපානි ඉම්රාන් විසින් බවට මේ වනවිට විමර්ශන අංශ යම් තහවුරු කරගැනීමක් කර ඇත.

අප්‍රමාණ වෙහෙසක් දරා ඩුබායිහි සිට රැගෙන විත් වසරකට වැඩි කාලයක් රැදවුම් නියෝග මතත් වසර දෙකකට වැඩි කාලයක් දැඩි ආරක්ෂිත කළ බන්ධනාගාරයකත් රඳවා සිටි කංජිපානි ඉම්රාන් දැඩි ඇප කොන්දේසිමත අධිකරණය විසින් නිදහස්කරනු ලබන්නේ 2022 වසරේ දෙසැම්බර් 20 වෙනිදාය. නිදහස්කළ දිනට පසු දින කංජිපානි වෙස් වලාගෙන අධිකරණ භූමියෙන් පැමිණ බෝට්ටුවෙන් ඉන්දියාවට පලා ගොස් එතැනින් පක්ස්ථානයට පැනගත් බවත් මේ වනවිට ඔහු ප්‍රංශයේ ජිවත් වෙමින් සිටින බවත් බුද්ධි අංශ කියන්නේ බිහිසුණු අපරාධකරුවෙක් ඇප මත නිදහස්කර දිනයක් තුළ රටින් පිටවී යන්නට ඉඩහැරීමෙන් අනතුරුව වීම විශේෂය.

කන්ජිපානි ඉම්රාන්…

රටින් පැන්න කංජිපානි අලුත් වටයකින්  වැඩ පටන් ගත් අයුරු

එසේ පැනගත් කංජිපානි ඉම්රාන් වැඩ ආරම්භ කර ඇත. රටින් පැනගත් පසු මුලින්ම ඔහුගේ ඍජු සම්බන්ධය සහිතව කළ ඝාතනය සිදුවන්නේ පසුගිය ජනවාරි 15 වැනිදා ය.
එසේ වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ රන්දිය උයන නිවාස සංකීර්ණයේ 07 වැනි මහලේ පදිංචිව සිටි එස්.ඒ. දුෂ්ශාන්තන් නොහොත් බඩා මංජු නමැති 40 හැවිරිදි පුද්ගලයා ය. ඔහු ඉන්දියාවේ රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන පූකුඩිකන්නා නමැත්තාගේ ගෝලයකු බව කියැවිනි. කොරෝනා වසංගතය ව්‍යාප්තව පැවති වකවානුවේදී පූකුඩිකන්නාගේ මෙහෙයවීම මත මාලිගාවත්තේදී කංජිපානි ඉම්රාන්ගේ පියාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ ගත්තේය. එම ප්‍රහාරයට සම්බන්ධ කිහිපදෙනකුම පසු කාලයේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මිය ගියගොස් තිබිණි. බුද්ධි අංශ කීවේ කංජිපානි ඉම්රාන්ගේ පියාගේ ඝාතනයට මෙම රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ බඩා මංජුගේ සම්බන්ධයක් තිබුණු බවය.

ක්ලබ් වසන්ත ඝාතනය

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා අතර කලක පටන් දැඩි ආරවුලක් පවතින බව විමර්ශන අංශ කීවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද පැවසුවේ නිසැක ලෙසම කිව හැක්කේ මෙම මිනී මැරුම විදේශයක සිට මෙහෙයවා ඇති බවය. එය කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව ද ඔහු කීවේය. එමෙන්ම මේ මිනීමැරුමේ ඉලක්කය ක්ලබ් වසන්ත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මූලික විමර්ශන උපුටා දක්වමින් පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දැනට හෙළිදරව් වෙමින් ඇති ආකාරයට විමර්ශකයන් එක්කරගත් තොරතුරු වාර්තා කිරීම පමණක් මේ අවස්ථාවේ දී සිදුකරමු.

මාකඳුරේ මධුෂ් නැමැති පාතාල අපරාධකරු සහ 25 දෙනෙකුගේ පිරිසක් ඩුබායි හීදී එරට පොලිස් අත්අඩංගුවට ගන්නේ වර්ෂ 2019 වසරේ පෙබරවාරි මස 05 වැනිදා ය. ඒ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදය පැවති හෝටලය වටලමිනි. මේ අත් අඩංගුවට ගත් පිරිස අතර කංජිපානි ඉම්රාන් ද විය. ඩුබායිවලින් පිටුවහල්කළ පසු මාකඳුරේ මධුෂ් සැලසුමකට අනුව මරා දැම්මේය. කංජිපානි ඉතිරි වුනේය. ඉතිරිවුන කංජිපානි මධුෂ් සහ තමන් ඩුබායිහිදී පාවා දුන් බවත් ඒ පාවා දුන් අපරාධකරුවන්ගෙන් පලි ගන්නා බවත් දිවුරා පොරොන්දු වී තිබිණි. විමර්ශන අංශ පවසන්නේ ඒ පාවා දෙන්නන් අතර සිටි ප්‍රමුඛයා ක්ලබ් වසන්ත බවට කංජිපානි විශ්වාස කර තිබූ බවය.

මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේ ආරාධිතයෙක් ලෙස කැරොකේ සිටි බව ඔහුම ප්‍රසිද්ධ මාධ්‍යයට කීවේය. සිය ඥාතියෙකුගේ මංගල උත්සවයක් හේතුවෙන් ඊට සහභාගී වීම වැලකී යෑම දේව ආශීර්වාදයක් බවත් පැවසුවේය. එහෙත් කංජිපානිලා විශ්වාස කර තිබුණේ ක්ලබ් වසන්ත අවසන් මොහොතේ එම සාදයට සහභාගිවීමට ඩුබායි බලා යන ගමන නවතා දැමීමත්, මේ අත් අඩංගුවට ගැනීමත් අතර සම්බන්ධයක් ඇති බවය. කංජිපානිලා මෙසේ සැක කරන්නේ මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මාකදුරේ මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දී ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් විසින් බවට ද සැකයක් මතුවෙමින් තිබිය දී ය.

ක්ලබ් වසන්ත තමන්ට පාතාල සම්බන්ධකම් ඇති බව ප්‍රසිද්ධියේ පිළිගත් අයෙකි. තමන්ගේ කැරොකේ සමාජශාලා ජාලය පවත්වා ගැනීමට එවැනි සම්බන්ධකම් නොමැතිව කළ නොහැකි බව ඔහු වරෙක ඩිලාන් මායාදුන්න සමග කෙටි සාකච්ඡාවකට එක් වෙමින් හිරු ටී.වී නාලිකාවට ප්‍රකාශ කළේය. දැනට ලැබෙන විමර්ශන තොරතුරු අනුව මධුෂ් අත් අඩංගුවට පත් විමට පෙර කෝටි 14කට අධික මුදලක් ණය ට ලබාගෙන ඇති බව කියැවෙයි. එමෙන්ම ක්ලබ් වසන්ත තමන් මාකඳුරේ මධුෂ්ට වැඩේ දුන් බවට ඇතැම් ස්ථානවල කරන ප්‍රකාශත්, මේ වෙඩි තැබීමත් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශන දැඩි අවධානයක් යොමු කර තිබේ.

ඝාතනයට ලබා දී ඇති සුවිශේෂ වටිනාකම

පාතාලයේ ඝාතනයන්ට සාපේක්ෂව මෙම ඝාතනයට ඝතන සැලසුම්කරුවන් විශේෂ වැදගත්කමක් ලබා දී ඇති ආකාරය මුල සිටම විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබිණි. මුල්ම විශේෂත්වය වන්නේ ඝාතනය සඳහා ටී.56 ගිනි අවි සමග වෙඩික්කරුවන් දෙදෙනෙක් යෙදවීම ය. සීසීටීවී දර්ශනවලින් මෙතෙක් ප්‍රකට වී ඇති ආකාරයට මේ දෙදෙනාම පළපුරුදු ගිනි අවි හසුරුවන්නන්ය. කිසිම චකිතයක් නැතිව අඹගහකට ගල් ගසන්නාක් මෙන් ඔවුන් නිස්කාංසුවේ වෙඩි තබා යන්නේය. එක් අයෙකුගේ පතොරොම් ගැබ හමාර වූ පසු නව පතරොම් ගැබක් සවි කරගැනීමට පසුපසට යන විට අනෙකා ඉදිරියට පැමිණ තම ඉලක්කයට වෙඩි තබන්නේය. හරියටම ගොදුර ඩැහැගත් බව තහවුරු වූ පසු බැස වාහනයට නැග පලා යන්නේය.

පාතාලයේ පළපුරුදු වෙඩික්කරුවන් ගණන අල්පය. ඔවුන් පාතාලයන් සතුව ඇති බෙහෙවින්ම වටිනා සම්පත්ය. එවැනි වෙඩික්කරුවන් දෙදෙනෙක් එක් පුද්ගලයෙක් ඝාතනය කිරීම සඳහා යෙදවීම මරා දැමූ පුද්ගලයා සම්බන්ධව ඝාතනය දියත් කළ අපරාධකරුවන්ට ඇති වටිනාකම පෙන්නුම් කර තිබිණි.

එමෙන්ම මේ උණ්ඩවලින් ලබා දෙන පණිවිඩය සැලකිය යුතුය. වසන්ත ඝාතනය සඳහා යොදා ගත් උණ්ඩ 27ක කොපු හමුවී ඇති අතර එම උණ්ඩ කොපුවල KPI අක්ෂර තුන කොටා තිබිණි. කංජි පානි ඉම්රාන් යන නමේ මුල් අකුරු සහිත ඛේතයක් එම උණ්ඩවල සටහන්ව තිබෙන බව විමර්ශන අංශ විශ්වාස කරයි. එමෙන්ම ඔහු රට තුළට ගෙන එන මත්කුඩු පැකට්වල ද මෙම ඛේතය සඳහන්වන බව බුද්ධි තොරතුරු හෙළි කරගෙන තිබේ. එසේනම් ලංකා ඉතිහාසයේ පළමු වරට ඝාතක අපරාධකාරයා තමන් විසින් මෙම ඝාතනය කළ බවට සහතික කර ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ. එය පළි ගන්නා බවට දුන් පොරොන්දුව සහතික කිරීමේ ප්‍රකාශනය විය හැකි බව ද විමර්ශන අංශ කියයි.

එමෙන්ම උණ්ඩවල රන් ආලේප කර ඇති බවක් දක්නට ඇති බව ද විමර්ශකයෝ කියති. ක්ලබ් වසන්ත පැළඳ සිටිනු ඇතැයි විශ්වාස කරන වෙඩි නොවදින සුරයක බල බිඳීම මේ රන් ආලේපයේ අරමුණ වන්නට ඇතැයි මත පළ වේ. එමෙන්ම මේ ඝාතනය අනන්‍ය කිරීම සඳහා මෙවැනි ආලේපනයක් සිදුකරන්නට ඇතිදැයි ද අදහසක් ඇත.

ක්ලබ් වසන්ත අනාරක්ෂිතව මගට බසින්නෙක් නොවේ. ඔහු සතුව පුද්ගලික ආරක්ෂකයෝ වෙති. අදත් එම ආරක්ෂකයින් වසන්ත සමග සිට ඇත. එමෙන්ම ඔහුට පුද්ගලික පරිහරණය සඳහා රිවෝල්වරයක් තිබුණු බව අද හෙළිදරවු වන්නේ වෙඩි වැදුන තැන තිබුණු වසන්තගේ බිරියගේ අත් බෑගයේ තිබී රිවෝල්වර අවියක් හමුවීමෙනි. මෙම අවිය ගැනත් පොලිසිය පරීක්ෂණ කරයි.

එමෙන්ම අද මේ සම්බන්ධව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මෙම ඝාතනයට පෙර මේ ස්ථානයේ සිට ඔත්තු බැලීමේ සහ පිණිවිඩ හුවමාරුවක් සිදුවීමේ ඉතා විශාල සම්භාවිතාවක් ඇති බවය. ඒ සම්බන්ධව විශේෂ දුරකථන ජාල පරීක්ෂාවක් සිදුවන බව ඔහු කීවේය.

මාරක සැලෝන් එක

අද ද්විත්ව ඝාතනයක් සිද්ධවන මේ කඩ කාමරය මාරකයකි. මේ මාරක කඩ කාමරය තුළ මින් පෙර පවත්වාගෙන ගිය රූපලාවන්‍යාගාරයක් තුළ මෙවැනිම පාතාල ඝාතනයක් සිද්ධ වුනේය. ඒ 2017 අවුරුද්දය. ඒ වනවිට එම ස්ථානයේ පවත්වාගෙන ගියේ රූප ලාවන්‍යාගාරයකි. එම රූප ලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය මංජුලා සඳුනි නැමැති කාන්තාව පාතාල අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන්නියක බව කියැවුනේය.

2017 ජනවාරි 17 වැනිදා මේ රූපලාවන්‍යාගාරය තුළ 34 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළේය.
ඒ කුප්‍රකට අපරාධකරුවෙක් වූ ටනිල් බණ්ඩාර ධර්මසේන හෙවත් අතුරුගිරියේ බණ්ඩාය. ලස්සනට ඉන්නට කැමති බණ්ඩා මෙම සැලෝන් එකට පේෂල් එකක් දමා ගන්න එන්නේ සඳුනිගේ දැන හැඳුනුම්කම මත ඇතිවන විශ්වාසයෙනි. එහෙත් ඒ අවස්ථාවේ දී පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේය.

පසුව හෙළි වූයේ එය සැලසුම් සහගත ඝාතනයක් බවයි. මේ ඝාතනය මෙහෙයවා තිබුණේ කළුතර බන්ධනාගාරගතව සිටින පැටි නැමති අපරාධකරුය. ඔහුට අදාල ඔත්තුව බන්ධනාගාරය වෙත ලබා දී තිබුණේ රූප ලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය පාතාලයට සම්බන්ධ බව කියන මංජුලා සඳුනි නැමැති මේ කාන්තාව විසිනි. ඝාතනයට අනුබල දීම යන චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාරගතව සිට මාස තුනකට පසු පැමිණියාය.

සිද්ධියෙන් පසු තැන තැන සැඟවමෙින් ජීවත් වුන මංජුලා සදුනි නැමැති මෙම කාන්තාව නඩු කටයුත්තක් සඳහා පැමිණ රුක්මලේ බාලිකා නිවාස පාරේ සිය දරුවන් සහ සැමියා පදිංචි නිවසේ සිටිය දී බණ්ඩාගේ පාර්ශවයේ අපරාධකරුවන් විසින් 2017 නොවැම්බර් 30 වැනිදා ඝාතනය කරන්නේය.

ක්ලබ් වසන්ත ඝාතනය වන්නේත් ඒ භූමියේ දී ය. මේ වනවිට සිද්ධියෙන් රටම තිගැස්වී ඇත. පාතාලයේ සිට රටේ ඉහළම තලය සමග එක ලෙස ගනුදෙනු කරමින් හිතාගත නොහැකි ඩීල් දැමූ කොළඹ 07 වොඩ් පෙදෙසේ ක්ලබ් වසන්ත මියගොස්ය. ඔහු සමග තවත් පුද්ගලයෙක් ජීවිතය අවසන් කර තිබේ. ඔහු අතුරුගිරියේ පදිංචිකරුවෙක් වන නයන වාසල විජේසූරිය ය. ක්ලබ් වසන්තගේ බිරිය මැණික් විජේවර්ධන හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. යොමානා කෞෂණී නැමැති කාන්තාවක් ද හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන්නේය.

එම අවස්ථාවට පැමිණ සිටි කේ.සුජීවා සහ තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත. අතුරුගිරිය පොලිසියට කිලෝමීටරයක් නුදුරින් අතුරුගිරිය නගර මැද්දට පැමිණි නාඳුනන තුවක්කුකරුවෝ නිස්කාංසුවේ මිනී මරා යති. මේ දෙසැම්බරයේ පාතාලය තුරන් කරන බවට පොලිස්පති ජනාධිපතිවරයා ඉදිරියේ ජාතියට පොරොන්දු දුන්නේ ඊයේ (07) දවල්ය. යුක්තිය අලුත් ජවයකින් ක්‍රියාත්මකවන නිසා අපට බය වෙන්නට එපා යැයි ඔහු කීවේය. අපි බය නැතිව ඉන්න විට පාතාලයෝ ඇවිත් මිනී මරා යති. ස්ථානීය පරීක්ෂාවට අපරාධ ස්ථානයට පැමිණි වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ පොලිසියට විලි ලජ්ජාවෙන් බේරෙන්නවත් මේ අපරාධකරුවන් ඉක්මනින් අත් අඩංගුවට ගත යුතු බවය.

දැනට විමර්ශකයින් අපරාධකරුවන් පලාගොස් අතරමග දමා ගිය වාහනය අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් වාහනය අතරමග දමා පලා ගිය වෑන් රථය සොයමින් මේ වනවිට පොලිසිය විමර්ශන කටයුතු දැඩි කර ඇති බවත්, පොලිස් කණ්ඩායම් කීපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අප බලා ඉන්නේ හෙට වෙන දේ ය. මේ පොලිසිය අපට මරණ බිය රහිත හෙටක් සඳහා විශ්වාසය ගොඩනගා ගැනීමට සහතිකයක් ලබා දෙනු ඇතිදැයි බලා සිටිමු. පුරවැසියන් ලෙස දැන් අපට තිබෙන්නේ අසූහාරදාහට පොර ටෝක් දෙන නිල ඇඳුම්ධාරී සිල්ලර මිනිසුන් ගේ කතා අසමින් වෙන දේ බලාගෙන ඉන්නටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ දවල් ඇවිත් මිනී මරලා යනවා… මිනිස්සු අනාරක්ෂිතයි… ඉක්මනින් අපරාධකරුවන් අත් අඩංගුවට නොගත්තොත් ලජ්ජාව පොලිස් දෙපාර්තමේන්තුවට… කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් පොලිසියට කියයි!

Next Post

කාර් රථය මග දැමූ ක්ලබ් වසන්තගේ ඝාතකයන් පලා ගිය වෑන් එකත් හමුවෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.