අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ දවල් ඇවිත් මිනී මරලා යනවා… මිනිස්සු අනාරක්ෂිතයි… ඉක්මනින් අපරාධකරුවන් අත් අඩංගුවට නොගත්තොත් ලජ්ජාව පොලිස් දෙපාර්තමේන්තුවට… කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් පොලිසියට කියයි!

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිදුවී ඇත්තේ මුළු රටම හෙල්ලුම් කෑ සිද්ධියක් බවත් මේ පිරිස වහාම අත් අඩංගුවට ගෙන ඉදිරි කටයුතු කිරීමට නොහැකි වුවහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවටත් විශාල ලජ්ජාවක් වනු ඇති බවත් කඩුවෙල වැඩ බලන මහොස්ත්‍රාත් පී.ජි.පි කරුණාරත්න අද පොලිසියට දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) කඩුවෙල ටැටු කලාව පවත්වාගෙන යෑම සඳහා විවෘත කළ රූප ලාවන්‍යාගාරයක් විවෘත කිරීමට පැමිණි ක්ලබ් වසන්ත හෙවත් සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසල විජේසුරිය (37) යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු තවත් පුද්ගලයින් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකළ ඝාතන සිද්ධියේ ස්ථානීය පරීක්ෂණයට පැමිණි අවස්ථාවේ දී ය.

එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙසේ පොලිසියට පැවසුවේය.

“මුළු රටම හෙල්ලුම්කාපු සිද්ධියක් මේක. වහාම අත් අඩංගුවට අරන් කටයුතු කරන්න. නැතිනම් පොලිස් දෙපාර්තමේන්තුවටත් ලැජ්ජයි.”

“මෙච්චර මහ දවල් ඇවිත් වෙඩි තියලා යනවා. චිකාගෝ වගේ. ඉක්මනටම හොයන්න ඕන මේ ගැන. මේක ඉතාම භානයක සිද්ධියක්. ජනතාව කිසි කෙනෙකුට ආරක්ෂාවක් නෑ මෙහෙම.  පොලිසියට කිලෝ මීටරයක් විතර දුරින් මේ වෙන්නේ… ආවා… තිබ්බා ගියා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මෙම ස්ථානයට පැමිණියේ උදෑසන 9.48ට යෙදී තිබුණ නැකතකට මෙම රූපලාවන්‍යාගාරය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසය. කේ.සුජීවා ද පැමිණ තිබුණේ ඒ ආරාධිතයෙක් වශයෙනි.

වෙඩි වැදීමෙන් හය දෙනෙක් තුවාල ලැබූ අතර ඉන් සිවු දෙනෙක් රැගෙන ගියේ හෝමාගම මූලික රෝහලටය. දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කේ. සුජීවා සහ තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබිණි.

මිය ගිය සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා සහ නයන වාසල විජේසුරිය යන දෙදෙනාත්, සුරෙන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරියවන මැණික් විජේවර්ධන සහ යොමාන කෞෂණී නම් තවත් කාන්තාවක් හෝමාගම රෝහලටත් ඇතුළු කර තිබිණි. කාන්තාවන් දෙදෙනා තුවාල සහිතව ප්‍රතිකාර ගනිමින් පසුවේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජීවිතේ අනාරක්ෂිතයි… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් කථානායකට ලියයි!

Next Post

උණ්ඩයේ නම කොටා කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තට එවූ මරණය…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.