සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මුළු ශ්‍රම බලකායම ඇතුළත් වන අලුත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට – ඇමති මනූෂගෙන් පොරොන්දුවක්

by editor
ජනවාරි 10, 2024 - Updated on ජනවාරි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර   පැවසීය.

මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ අද (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

කාමර වල ඉදන් උඩින් තීරණ අරගෙන ජනතාව අතරට ගියාම ඒවා මහ පොලොවේ පැල කරන්න අමාරුයි. ඒ නිසයි අපි ජනතාව අතරින් අදහස් අරගෙන ඔවුන්ගේ ගැටලුවලට පිලිතුරු ලබා දෙන්න මේ වගේ වැඩසටහන් දියත් කරන්න කටයුතු කරන්නේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව තමයි ගරු සරු වැඩසටහනත් ක්‍රියාත්මක කළේ. මේ වැඩසටහන යටතේ සමස්ත ශ්‍රම බලකායේම වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ඇති කරන්න අපි අපේක්ෂා කරනවා. එහිදී මෙතෙක් කාලයක් නිසි ගරුත්වයක් සහ ආරක්ෂාවක් නොලැබුණු අවිධිමත් අංශයේ රැකියා වල නිතර සියලුම දෙනාට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබාදෙන්නයි අපි මේ වැඩසටහන දියත් කළේ.

මේච්චර කාලයක් අවිධිමත් අංශයේ රැකියාවල නිතර පිරිසට නිසි ගරුත්වයක් නොලැබීම ගැන අපි වසර 75කට බැන බැන ඉදලාවත් දේශපාලඥයින්ට බැනලා ඉදලා හරියන්නේ නෑ. අපි මේක වෙනස් කළයුතුයි. ඊට අවශ්‍ය වටපිටාව ඇති කිරීමයි අපි මේ කරන්නේ.

නමුත් ගරුත්වයක් ලබා දෙනවා කියලා නමට ඉස්සරයින් මහත්තයා, මිස්ටර් කිව්වාට හරි යන්නේ නෑ. ඒ සඳහා කළයුතු වන්නේ නිසි ක්‍රමවේදයක් ඇති කිරීමයි.

තවමත් අපිට ජලනල කාර්මිකයින් යොදා ගැනීමේදී භාවිතා කළයුතු ක්‍රමවේදයක් හෝ ප්‍රමිතයත් නැහැ. එවැනි ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවනතාක් මේ වෘත්තීන් වලට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම අපිට පින්තාරු කරන්න අවශ්‍ය නම් ඒකට කීප දෙනෙක් ගෙනල්ලා පින්තාරු කරගන්නවා මිසක් ඒ පුද්ගලයාට ඒක කරන්න තියෙන සුදුසකම මොකක්ද කියලා හොයන ක්‍රමවේදයක් නැහැ.

මට මෑතකදී විදේශ රටකින් ආරාධනාවක් ආවා පින්තාරුකරුවන් ලබාදෙන්න කියලා. ඒ අයට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12ක විතර වැටපුක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලත් කිව්වා.

මම ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් කැදෙව්වා. ඒකට අපේ රටේ ඉන්න පින්තාරු ශිල්පීන් ආවා. හැබැයි මේ කිසිම කෙනෙක්ව තොරගත්තේ නැහැ. මොකද අපි ඒ අය අපේක්ෂා කරන මට්ටමේ පුහුණු හෝ ප්‍රමිතීන් වලට අනුගත වෙලා නැහැ.

ඇත්තටම මෙහිදී අපි අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් තරමක් පිටුපසිනුයි ඉන්නේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රමිතීන් ඇති කරන්න පුළුවන් නම් එවිට ඔබේ වෘත්තියට නිසි ගෞරවයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා.

අපි ඒ තත්ත්වයට ඔබේ වෘත්තිය ගොඩ නැගිය යුතුයි. ඒත් ඒක අපේ අමාත්‍යාංශයේ වපසිරියේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා අනෙකුත් ආයතන ඔස්සේ සකස්විය යුතු දෙයක්. මෙහිදී හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා.

ඒ වගේම කම්කරු ඇමති විදිහට මට මේ රටේ සියලුම කම්කරුවන්ට එකලෙස සැලකීමට වගකිමක් තියෙනවා.

අපි ගරු සරු වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක නියමු වැඩසටහන විදිහට ක්ෂේත්‍ර විස්සක ගැන මුලින්ම කතා කරනවා.

කොහොම වුනත් අපි ඔබලාගේ සහභාගිත්වයෙන් නිතීඥ සංගමය, වෛද්‍ය සංගමය, ගෘහ නිර්මාණ ශල්පීන්ගේ සංගමය වගේ සංවිධානයක් පිහිටුවීමයි අපෙක්ෂා කරන්නේ. මේක රජය පිළිගත්ත වෘත්තීය සංගමයක්. ඒත් අපි අවබෝද කරගතයුතු වැදගත්ම කාරණය වන්නේ මේක තවත් එක වෘත්තීය සමිතියක් නෙමෙයි කියන කාරණයයි.

ඒ වගේම මේකට අදාල නීතීන් නව රැකී රක්ෂා පනත යටතේ සකස්කරලා තියෙනවා. ඒ වගේම වෘත්තීය ගරුත්වය වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් අලුත් පනත යටතේ හදුන්වා දී තිබෙනවා.

ඔබ අද පිහිටුවන මණ්ඩලය තමයි ඔබේ ප්‍රමිතීන් තීරණය කරන්නේ. ඒවා රජයේ අනෙක් ආයතන වලට ලබාදීමට අපි කටයුතු කරනවා.

ඉදිකිරීමකදී ගෘහ නිර්මාණ ශිල්පියකුගේ අත්සන අවශ්‍යයි වගේම අද වෙනකොට වයරින් කරන්නේ කවුද කියලත් සැලසුම අනුමත කරන අවස්ථාවේදීම ඉදිරිපත් කළයුතු තත්ත්වය පත් කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා.

ඒ මගින් අපි ඒ වයරින් කරනු ලබන ශිල්පීන්ට ගරුත්වයක් ලබා දෙන්න අපි කටයුතු කළා. ඒ විදිහටම ඔබටත් ගරුත්වයක් ඇති කිරීමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.

ඒ නිසා කොහේහරි ඉන්න කෙනෙක් යොදාගෙන පයිප් ටික දාගන්නවා නම් එමගින් ඔබේ වෘත්තියට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ.

මේකට අදාල නීති රීති, ප්‍රමිත හදන්නේ ඔබයි. ඒවා මට දුන්නාට පස්සේ ඒවා ගැසට් කරලා ඒවාට නෛතික භාවයක් ලබාදෙන්න කටයුතු කරනවා.

ඔබට බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන්නත් කටයුතු කරන්න පුළුවන්. ඒකටත් අවශ්‍ය සුදුසුකම් තීරණය කළයුත්තේ ඕනෙත් ඔබමයි. එමගින් ඕනෑම කෙනෙකුට ඔබේ වෘත්තියේ නියැලෙන්න බැහැ. එවිට බලපත්‍රයක් තියෙන කෙනෙකුට විතරයි ඔබේ වෘත්තියේ නියැලෙන්න පුලුවන්කම ලැබෙන්නේ.

මේ පිහිටුවන කමිටුවට වලට හෝ සංවිධාන වලට රජයේ ආයතන වලට නිලධාරීන් නැහැ. ඒවායේ ඉන්නේ ඔබයි.

ඒ වගේම සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන සියලුම වැඩකරන ජනතාව සමාජ ආරක්ෂණ ජාලයකට ගොනු කරන වැපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අදාල කමිටුවේ පළමු හමුව පසුගියදා පැවැත්වුනා.

මාස තුනක් හතරක් යනකොට අපි කැබිනට් මණ්ඩලයට ලංකාවේ ශ්‍රම බලකායේ සියලුදෙනා සමාජ ආරක්ෂණ ක්‍රමයකට ඇතුලත් කිරීම ගැන ක්‍රමවේදයක් ගැන ඉදිරිපත් කළයුතුයි. ඊට අදාල කටයුතුත් අපි මේවන විට කරමින් යනවා.

මෙහිදී රැකියා අහිමිවූ අවස්ථාවකදී හිමිවෙන රක්ෂණ ක්‍රමවේදයක්, දෑත වාරු නැති කාලයේදී ඔවුන්ව බලා ගන්න ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටයි අපි කටයුතු කරන්නේ.

මේ සඳහා
ඉන්දුනීසියාවේ, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, වගේ විදේස් රටවල් කටයුතු කරන ආකාරයන් ගැනත් හොදින් අධ්‍යනයක් කරලා ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙත් සහයත් අරගන්න නිසි තින්දු තිරණ ගන්න අපි සූදානම් වෙලා තියෙනවා.

මින් පසුව අපි බලාපොරොත්තු වෙන්නේ ඊ.පී.එෆ් කියලා වෙනම අරමුදලකුත්, ඊ.ටී.එෆ් කියලා වෙනම අරමුදලකුත් වගේම අර රක්ෂණ මේ රක්ෂණ, කෘෂි රක්ෂණ කියලා විවිධ රක්ෂණ ක්‍රම මොකවත් නැතිව රටේ හැම වැඩකරන අයෙකුටම පොදු එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල කරමිනුයි සිටින්නේ.මාස තුනත් හතරක් ඇතිව මේවා සකස් කරන්න අපි කටයුතු කරනවා.

Share69Tweet43
Previous Post

2036 ඔලිම්පික් සත්කාරකත්වය ලබා ගැනීමේ තරගයට ඉන්දියාවත් එක් වන්න සූදානම්… උළෙලට අනුග්‍රාහකත්වය මගෙන්… මුකේෂ් අම්බානි ප්‍රකාශ කරයි!

Next Post

යාපනයේ විශ්විද්‍යාලයේ හිටපු විද්වතෙක් වූ ආචාර්ය සබේසන් සිදම්බරනාදන් කළ නව නිපැයුමකට ලන්ඩනයේ ඉහළම සම්මානය!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.