දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද (01) උදෑසන උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද උදේ 06ට පමණ මෙම පස් කන්දා කාඩ වැටී තිබිණි. පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ප්‍රමාදවන බව එම දෙපාර්තමේන්තුව කියයි.