ශ්‍රියානි විජේසිංහ –
අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිපල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
www.doenets.lk www.results.exams.gov.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව සදහන් කර තම ප්‍රතිපල ලේඛණය ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සදහන් කරයි.
පාසල් අයදුම්කරුවන් වෙත අදාල ප්‍රතිපල ලේඛණ විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවත් පෞද්ගලික අයදුම්කරුවන් වෙත සිය විභාග ප්‍රතිපලයන් පෞද්ගලිකව යොමු කරනු ඇති.
වසර 2022 (2023) සාපෙළ විභාගය සදහා අයදුම්කරුවන් 472553 පෙනී සිටි අතර මින් 394450 පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 78103 ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.