අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
- ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වේ. පැවති සිල්ලර මිල රුපියල් 356කි. නව සිල්ලර මිල රු. 346කි.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක් රු. 3 කින් වැඩි වි ඇත. පැවති සිල්ලර මිල රුපියල් 423කි. නව සිල්ලර මිල රුපියල් 426කි.
- ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල ලීටරයක් රු. 27 කින් අඩු වි තිබේ. පැවති සිල්ලර මිල රුපියල් 356කි. නව සිල්ලර මිල රු. 329කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 3කින් ඉහළ ගොස් තිබේ. පැවති මිල රුපියල් 431 කි. නව සිල්ලර මිල රුපියල් 434කි.
- ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2 කින් මිල අඩු කර ඇත. පැවති මිල රුපියල් 249කි. නව සිල්ලර මිල රුපියල් 247 කි.