බුදු දහමට හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන ප්‍රකාශයක්කර ආගමික සංහිඳියාවට හානි කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය 08ක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි ඔහු සවස 5.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
මාස 06කට වැඩි කාලයක් රටින් බැහැරව සිටි ජෙරොම් ප්‍රනාන්දු පෙරේදා (29) අලුයම මෙරටට පැමිණියේ අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් උසාවි නියෝගයක් නිකුත් වීමෙන් අනතුරුවය.
අභියාචනාධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ප්‍රකාරව ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ (30) පෙනී සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පසුගිය මැයි 14 වැනිදා රටින් පිටව යන්නේ ඔහු විසින් කළ ආගම් අපහසායට ලක් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟිනි.
කටුනායක ගුවන්තොටුපලෙන් සිංගපපූරුව බලා පිටත්වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ගුවන් ගමන් තහනම් නියෝගයක් ගන්නේ ඔහු රටින් පිටවි දින දෙකක් ගත වීමෙන් අනතුරුවය.
රටින් පිටවි සිටි ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මඟින් එම අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට අභියාචනයෙන් පිහිට . නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙරටට පැමිණ ජෙරොම් ප්‍රනාන්දු අධිකරණය විසින් ලබා දුන් නියෝගය ප්‍රකාරව පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් මෙම ප්‍රකාශය ලබා දුන්නේය.