සුමිත් පොතුපිටිය –
මානසික රෝගීන්ට ලබාදෙන වේදනා නාශක ඖෂධයක් මත්වීම සදහා පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයකු මත්කරල් දහසක් සමග අද (10) අත් අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත්ව ඇත .
කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේනට ලද තොරතුරක් මත කළුතර පලාතොට ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කර මත්කරල් 10 බැගින් අඩංගු කාඩ් 100 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද භාරයට ගෙන තිබේ .
ප්‍රදේශයේ පාසල් වලින් සහ දෙමව්පියන් ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන වැටලීම කල බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
එක කරලක් රුපියල් 150 කට අලෙවි කරන බවට සැකකරු ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බවද වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
නියෝජ්‍ය පොලිස්පති අයිටීබී සුගතපාල , ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක පී.ආර්.වීරසේනෙගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන කුමාර (11700), කුමාරසිරි (4298), කොස්තාපල් වරුන්වන ගුණවර්ධන (85848), උපුල් (95627), ඉහළගේ (24504), ප්‍රනාන්දු (105073), කුමාර (26974), පෙතංගොඩ (23838) සහ පොකොරි තාරක (15307) වැටලීමට එක්වූහ.









