හෙට උදෑසන දුම්රිය ගමන්වාර 72ක් පමණ අවලංගු වීමට නියමිතව ඇතැයි දුම්රිය දෙපාරත්මේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අද (23) දින දුම්රිය රියදුරන් ක්ෂණිකව සේවයෙන් ඉවත් වි දියත් කළ දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හෙට උදේ කාර්යාල දුම්රිය ගණනාවක් අවලංගු වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් විද්‍යුත් බලවේග ධාවනාගාරයේ බලවේග දුම්රිය වන නිල් පැහැති චීනයේ නිශ්පාදිත S09, S10 සහ S12 බලවේග කට්ටල ධාවනය අත්හිටුවනු ලැබුවේය.
මේ හේතුවෙන් අද සවස ධාවනය වීමට නියමිතව තිබු බලවේග ( power set ) දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරියට සිදුවිය.
මේ හේතුවෙන් අද දින රාත්‍රී ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් වාර ද අවලංගු වීම නිසා හෙට උදෑසන පිට පලාත් වල සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය ගමන් වාර 72ක් අවලංගු වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ හිටපු ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේය.