අප්‍රේල් 13 වැනිදා සුරාසැල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ කළේය.
සිංහල හා හිනදු අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 12 සහ 13 දෙදින තුළ රටපුරා මත්පැන් අලෙවිය තහනම් කරන බවට දෙපාර්තමේන්තුව පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කළේය.
කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති තරු තුනේ පරාසයෙන් ඉහළ හෝටල්වලට සහ බුටික් විලා වලට එන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා අදාළ නොවන බව සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණි.
සුරා අලෙවිය තහනම් කර තිබිය දී සුරා අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
රට තුළ සාමාන්‍ය මත්පැන් අලෙවිය අප්‍රේල් 14 ඉරිදා උදේ 8.00 සිට ආරම්භ වේ.







