සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දසක හතකට එපිට ගම්වල අවුරුදු කෑ හැටි…

by editor
අප්‍රේල් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද – 

මේ අඩුම ගණනින් දශක හත හමාරකට එපිට මතකයන් ගැන කතාවකි.

 අපේ පරැන්නෝ අලුත් අවුරුද්ද සැමරුවේ මංගල්‍යයක් ආකාරයෙනි. ඒ අතිත පවත කවක් සේ රසවත්ය. කලාවිදු, කලාභුෂණ, දේශශක්ති යන සම්මාන  වලින් පිදුම් ලැබු කොට්ටව සිරිසේන නැමති කලාකරුවා එදා අවුරුදු උත්සවය සැමරු අයුරු අපට ඉතා රසවත් අයුරින් විස්තර කළේය. සිරිසේන රාළහාමිගේ දැන් වයස අවුරුදු අසුපහකි. 

එදා  අවුරුදු සැමරු අයුරු  ඉතා රසවත් ලෙස කොට්ටව රාළහාම් ඔහුගේ වචන වලින්ම අපට විස්තර කළේය.

කොට්ටව රාළහාමි

ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුනේ නැහැ. අළුත් අවුරුද්දට මාස දෙක තුනකට කලින්  අවුරුදු සිට්ටුව රැගෙන සිට්ටුකාරයා ගමට එනවා.  ඔහු හරායට තමයි එන්නේ. සිට්ටුකාරයාට ගමේ අය සල්ලි දුන්නේ නැහැ. වි තමයි දුන්නේ. අවුරුද්දට කලින්  වළංකාරයා, රෙදි පොට්ටනි කාරයා කරවල තුනපහ අරන් කත් කාරයා ගමට එනවා . ජාඩි කාරයා ජාඩි අරගෙන එනවා. ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලදි ගන්නේ. මිනිස්සු කඩපිල් ගානේ ගියේ නැහැ.  මේ අයට ගම්මුන්ද  අවුරුදු තෑගි භෝග ලබා දෙනවා.   

ඒ කාලයේ  ගමේ හැම ගැමි ගෙදරකම පාහේ රබානක් තිබුනා. අවුරුද්ද කිට්ටුවන විට ගාල්ලට ගිහින් තමයි රබානට අළුත් හමක් ගහගෙන  එන්නේ. ගැම් කාන්තාවන් එකතුවෙලා රබන්පද කියමින් රබන්ගහනවා. රබානෙන් යම් කිසි පණිවුඩයක් දුන්නා. රබන් පදයෙන් තව කෙනෙකුට බැන වදින්න වුනත් පුළුවන්. දැන් නම් ගමක රබානක් දකින්නවත් නැහැ.

ගෙවල් පිරිසිදු කිරිමත් කරන්නේ අවුරුද්ද කිට්ටුවන විට ඒ කාලයේ කටුමැටි ගහපු ගෙවල් තමයි වැඩිපුර තිබුණේ. ගම්මුන්  සුදු හුණු ගෙනවිත් ගෙවල් දොරවල්වල හුණු ආලේප  කරණවා.  ඒ විතරක් නෙවෙයි  වහලවල්වල පොල් අතු බැදලා ළිං පිරිසිදු කරන්නෙත් මේ කාලයේ ගෙවල්වල ඇති කරණ  ගවයින් නාවලා පිරිසිදු කරලා ඔවුන්ට මල්මාල පවා දමන්න  ගැමියන් පුරුදුවෙලා හිටියා. සෙක්කුවලින් තමයි ඒ කාලයේ තෙල් හින්දේ .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඹබර උන්චිල්ලා  අවුරුදු කාලයට ජනප්‍රියයි. ලැලි දෙකක් අරගෙන එකට තියලා බැදලා පුවක් පටි ගහලා තමයි ඹබර උන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම් ගැහැණු දරුවන් ඹබර උන්චිල්ලා පදිනවා.  ඒ කාලයට ලණු වලට තියෙන ඉල්ලුම වැඩිය.ඇත්තටම ඒ කාලයේ කඹ වලින් සෑම ගෙදරකම පාහේ උන්චිල්ලා බදිනවා. ගැමි තරුණියන්  වාරං කියිමින්  උන්චිලි පදිනවා..

අළුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා.  කජු අහුලන්න යන්නේ වවුල් පලවල්වලට.  ගම්වල වවුල් පලවල් තිබුනා. මාත් ගමේ  කොළු ගැටවුත් එක්ක කජු ඇහිදින්න ගිහින් තියෙනවා. වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ. ගොක්කොළ  වලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ. වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා..

ඇත්තටම ඒ කාලයේ  අළුත් අවුරුද කුඩා දරුවන්ට  රජ මගුලක් වගේ තමයි.  අපේ ගෙවල් අසල කොට්ටව ගම්මානයේ ඇළක් තිබුනා.  ඇළට පැනලා දිය බුන් ගහනවා. අවුරුදු උත්සවය තිබ්බේ මේ ඇළේ තොටුපොළ ළඟ. ජල ක්‍රිඩා තමයි වැඩිපුරම තිබුණේ.  වක්ගුඩු පැනිම, ඉපිල් පැනිම,ගුඩු පැනිම ගැමි දරුවන් කරපු ක්‍රිඩා තමයි.

අළුත් අවුරුදු කාලයට පංචි දැමිම  ඒ කාලයේ හැම ගෙදරකම සිදුකරන ක්‍රිඩාවක්. සල්ලිවලට තමයි පංචි දමන්නේ. නෙරෙංචි කෙලිය, ඔලිඳ සෙල්ලම, කැට ගැසිම, පොල් නෙලිම, චතුරාංග කෙලිය, අවුරුදු කාලයට එන ජන ක්‍රිඩා. මේ ක්‍රිඩා බක්මාසයත් සමග තමයි කරලියට එන්නේ.

ඒවිතරක්  නෙවෙයි ඒ කාලයේ   ඇවිදිමේ තරගයක් තිබුනා. ගමේ තරුණ කොළු ගැටව් තමයි මෙයට ඉදරිපත් වුනේ. අපේ ගමේ හිටියේ කරෝලිස් මුදලාලි කියලා කෙනෙක්. ඔහුට ගව පට්ටියක් තිබුනා. මේ තරගයෙන් ජය ගන්නා කෙනාට තෑගි වශයෙන් දුන්නේ හරක් බානක්. තිරික්කල රේස්ද අවුරුදු උත්සවවල තිබුණු ජන ප්‍රිය ක්‍රිඩාවක්. තිරික්කලයට බඳින වෙනම ගොනෙකු හිටියා.ඒ කාලයේ  බෝහෝ නිවෙස්වල තිරික්කලයක් තිබුනා.

දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ. ඒ කාලයේ උණ බම්බුවලට භුමි තෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තු කලේ..

අළුත් අවුරුද්ද කිට්ටුවන විට පැදුරුකාරයත් ගමට එනවා. පැදුරු වියන්න පුළුවන් ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා.  අළුත් පැදුරු දමලා එවායේ වාඩිවෙලා තමයි අවුරුදු කන්නේ.  අවුරුදු කෑම මේසය පිළියෙළ කරනවා.  පසුව සාලයේ මැද පැදුරු එලනවා.  පවුලේ අය  පැදුරුවල වාඩි වෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කෑවේ. 

වැඩ අල්ලන කොට  ගෙදර කාන්තාව තමයි ළිදත් සමග ගනුදෙනු කරන්නේ. ඒ වගේම කිරි ගහක් කපනවා. කොස් ,දෙල්, වගේ ගස්  පිහියකින් කපනවා කිරි වැක්කෙරෙණ කම්.  කුඩා දරුවන් වැඩිහිටියන් සමග කැවුම්, කොකිස්,  ඇතුළු කිරිබත් තැටි තමයි අසල් වැසි හා ඥාති ගෙවල් ගෙවල්වලට අරගෙන යන්නේ. බුලත් දිලා වැද නමස්කාර කරනවා. 

ඇත්තටම ඒ කාලයේ අවුරුදු සිට්ටුකාරයා එන තෙක් තමයි ගැමි දරුවන් බලාගෙන ඉන්නේ. එදා ඉඳලා ගැමි දරුවන්ට අවුරුදු තමයි. ගැහැණු අය ඇන්දේ කම්බාය.  පිරිමි අය පට සරම නැතිනම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ.

ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත්‍රියට පත්තු කරලා  තියෙන්නේ  නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පලවල් වලින් දොඹ ඇට එකතු කරලා දොඹ තෙල් එහෙමත් අරගෙන තියෙනවා. ගමන් බිමන් යන විට ලැන්තැරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා. .

හෙලයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කොග්ගල ගං දුවේ  ජොන් අයියාගේ නිවසේ අලුත් අවුරුද්ද  සැමරු අයුරුත් කොට්ටව රාළහාමි  ඉතා රසවත් ලෙස විස්තර කළේය.

“වික්‍රමසිංහ මහත්තයා  අප්‍රේල් මාසයේ දිනක මට කොග්ගල ගෙදරට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුනා. සිරිසේන අපි ටිකක් විනෝද වෙන්න ගංදුවේ පැත්තේ යමු කියලා කිවා. ඔහු හරි ආසයි ඔරු පදින්න. මාත් එක්ක තමයි යන්න කැමති. කොග්ගල ඕයේ සුරදියෙල් අයියාගේ ගෙදරට ගියා. අවුරුදු සංග්‍රහ තිබුනා. අල බතල, ඉස්සෝ, කකුළුවෝ., කුරක්කන් තලපා කාලා අපි ආවා. වික්‍රමසිංහ මහත්තයා මට කමිසයක්ද තෑගි දුන්නා” යැයිද කොට්ටව රාළහාමි කිවේය.

සිංහල හින්දු අවුරුද්ද සජිවි සංස්කෘතික මංගල්‍යයකි. එය පවතින සමාජ ආර්ථික වටපිටාව අනුව වෙනස් වන්නේය. සහශ්‍රාධික කාලයක් එම සංස්කෘතිකාංගය ප්‍රමුඛ සමාජ වටිනාකමක් සහිතව පවතින්නේ ඒ නම්‍යශීලි ගුණය නිසාය.  කොට්ටව රාලහාමිලාගේ ළමා කාලයට වඩා අද අවුරුදු වෙනස් බව සැබෑය.නමුත් අවුරුදු උත්සවය පවතින්නේ. තව සියවසකින් අද අප  කරන අවුරුද්ද ඒ අයුරින්ම නොතිබෙන්නට පුලුවන. එහෙත් අප දන්නා එක දෙයක් ඇත. 

මේ සංස්කෘතික මංගල්‍යය මූලික හර පද්ධතිය සමග ඒ අනාගතයේ දීත් පවතින්නේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 බාර් අරින බව කියන සමාජ මාධ්‍ය පුවත සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි!

Next Post

නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් යෙදෙන හැටි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.