දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලු වලට විසදුම් සෙවීමේදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භක ලක්ෂයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF ) ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ ( 9 ) දැණුම් දී තිබේ.
උතුරු නැගෙනහිර අර්බූදය විසඳීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව යෝජනා ඉදිරිපත් කරණ ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ වලින් කරණ ලද ඉල්ලීම පිළිගනිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා සෙල්වතුරේ ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ගේ අත්සන් වලින් යුක්තව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ මේ බව සදහන් කොට ඇත.
13 වැනි සංශෝධනය ජනවාර්ගික ගැටලුවේ ආරම්භක ලක්ෂ්‍යය හෝ අවසාන විසඳුම ලෙස පිළිගත නොහැකි බවත් 1987 දෙමළ පක්ෂ විසින් 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ බවත් පවසන එම පක්ෂය වසර 75 ක් මුළුල්ලේ පවතින මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම තනි ව්‍යුහයට ස්වෛරීභාවය හා ස්ව්යං නිර්ණ අයිතිය ආරක්ෂා වන අන්දමේ විසඳුමක් පමණක් බවත් පෙන්වා දී තිබේ.
2016 වසරේ දෙමළ මහජන සභාව සමඟ එක්ව දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF ) සකස් කරන ලද තමිල් දේසම් නැමති සම්මුති යෝජනාව උතුරු නැගෙනහිර ප්රශ්නය විසදීමට ඇති එකම හා හොඳම ක්‍රියා පිළිවෙත බවද දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්වා දී ඇති අතර එම සම්මුතියේ පිටපතක්ද ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අමුණා ඇත.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දීය රජයේ හා එවකට ඉන්දීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධිගේ වුවමනාවට සිදු වූ ක්‍රියාවක් බව පවසන එම පක්ෂය ඊට කෙටි කලකට පසුව දෙමළ දේශපාලන පක්ෂ රජීව් ගාන්ධි අගමැතිවරයාගෙන් හා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි වගද ලිපියේ සදහන් කොට ඇත.