චීනය සහ පිලිපීනය අතර දේශසීමා සම්බන්ධයෙන් වූ යුද ගැටුමක් නිර්මාණය වීමටත් එය ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතන බවටත් විශ්ලේෂකයින් පවසා ඇති බව බ්‍රිතාන්‍යෙය් ද ගාඩියන් පුවත්පත සඳහන් කරයි.
පසුගියදා චීණ වෙරළාරක්ෂක භට පිරිසක් විසින් පිලිපීන බෝට්ටුවකට ජල ප්‍රහාරයක් එල්ල කීමෙන් පසුව දෙරට අතර උණුසුම්කාරී තත්ත්තවයක් නිර්මාණය වී ඇත. ඒ අනුව මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිත්‍රශ්‍රීලි සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පිළිපීනයේ සහයට එක්සත් ජනපදය පැමිණිය හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දී ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.
මේ අතර ලොව විශාලතම නාවික හමුදාවට හිමිකම් කියනු ලබන චීනයේ නාවික ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අවධානම්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මෙහිදී චීනය සිය ආරක්ෂ හමුදාවන නීවකරණය කිරීඹටත් කටයුතු කිරීමත් දකුණු චීන මුහුදේ සහ තායිවානය ආසන්න මුහුදු කලාප වල දැඩි ආක්‍රමණශීලි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටියි.
රුසියාව සමඟ මෙම සතියේදී පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාස ඇලස්කාව අසල පැවැත්වීමත් සමඟ බීජිං සහ මොස්කව් අතර මිලිටරි සම්බන්ධතා තවදුරටත් වර්ධනය වී ඇති බවට පෙන්නුම් කරයි. එවන් පසුබිමක ඉකුත් සෙනසුරාදා චීන වෙරළාරක්ෂක බලකාය ස්ප්‍රැට්ලි දූපත් හි දෙවන තෝමස් ෂෝල් වෙත ගමන් කරමින් සිටි පිලිපීන වෙරළාරක්‍ෂක සැපයුම් යාත්‍රා වෙත ජල ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දකවමින් පිලිපීන වෙරළාරක්ෂක බළකාය සඳහන් කර සිටියේ චීන කාර්ය මණ්ඩලයේ නීති විරෝධී හැසිරීම් සහ භයානක ක්‍රියාවක් බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් දැක්වීම සඳහා පිලිපීන රජය විසින් චීන තානාපතිවරයා කැඳවීමටද පියවර ගෙන තිබූ බව පිලිපීන විදේශ කටයුුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම තත්ත්වය ඉදිරියට වර්ධණය වුවහෙත් චීනය සහ පිලිපීනය අතර යුධ ගැටුමක් නුදුරේදීම ඇතිවීමටද ඉඩ පවතින බවද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වාදෙයි.