හිටපු පාතාල කල්ලි නායකයෙකු වූ සොත්ති උපාලි ගේ දියණිය බව කියන කාන්තාවක් ගජමුතු හතරක් සමඟ මාවතගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමක දී ඊයේ (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඇය මාදිවෙල කෝට්ටේ සහ උඩ මුල්ල බත්තරමුල්ල යන ලිපිනයන් දෙකේම පදිංචි බව අනාවරණය වී ඇත.
මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ නිවසක සිටිය දී ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාවතගම ප්‍රදේශයේ අපරාධයකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් අදාළ නිවසේ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ සැකකාරිය ද අත්අඩංගුවට ගෙන තිබෙ.
වැඩිදුර විමර්ශන සඳහා ඇය මහනුවර පොලීසියට බාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.