සුමිත් පොතුපිටිය –
මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා ගේ කොන්ත්‍රාත්තුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම ඕවිටිගල නිවසක රැඳී සිටී පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු තියුණු කඩු තුනක් , හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථන පහක් සමග අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාෂ දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි .
මතුගම ඕවිටිගල සහ කඩවක ප්‍රදේශයේ පදිංචි 25 සහ 19 වියැති පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම ඕවිටිගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත දූෂණ මර්ධන වැටලීම් අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ඇතුළු නිළධාරීන් නිවස වටලා පරීක්ෂා කිරීමේදී අඩි හතරකට ආසන්න දිගැති තියුණු කඩු දෙකක් සහ අඩි තුනහමාරක් පමණ දිග කඩුවක්, හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන පහක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ගේ ප්‍රධානත්වයෙන් , උප පොලිස් පරීක්ෂක ධර්මසේන , සැරයන් වරුන්වන දේශප්‍රිය (67757),ධනුෂ්ක (72488), කොස්තාපල් වරුන්වන ප්‍රියශාන්ත (79431), අසංක (40382), ලක්සිත (102929), ජයවර්ධන (103926) සහ ප්‍රියසාද් (91332) වැටලීමට එක්වූහ.







