සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ලෝක කුසලාන තරගාවලියට… අවසන් මහා තරගයේදීත් ලකුණු 128ක විශිෂ්ට ජයක්…

by editor
ජූලි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත පිල පරදවා සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී    ලකුණු 128ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.

අවසන් තරගයත් දිනුම්…

ලකුණු 234ක ජයග්‍රාහී  ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත පිතිකරුවන් පන්දු ඕවර 23.3ක දී සියල්ලන්ම   දැවී රැස් කළේ ලකුණු 105ක් පමණි.

නෙදර්ලන්තය වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු  33කි.  ඒ මැක්ස් ඕ ඩෝව්ඩ් විසිනි. ඊට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ලොන්ගන් වෑන් බීක් නොදැවී ලකුණු 20ක් ලැබුවේය.  තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 14කි. ඒ ශ්‍රි ලංකා කණ්ඩායම ඔවුන්ට ප්‍රදානය කළ අතිරේක ලකුණු 14 ය.

යළිත් මහීෂ් තීක්ෂණ විශිෂට පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 6.3 දී ලකුණු 31කට  කඩුලු 04ක් ලැබුවේය. මනරම්ම පන්දු යැවීම ඩිල්ෂාන් මධුසංඛගෙනි. ඔහු පන්දු ඕවර 07ක් යවා ලකුණු 18ක් පමණක් දී කඩුළු 03ක් බිඳ හෙළුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වනිඳු හසරංග ලකුණු 35ට කඩුලු 02කි. මතීෂ පතිරණ කඩුළු ලැබුවේ නැත.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.  පන්දු ඕවර 50ක් ක්‍රීඩා කිරීමට ඉඩ නොදී   ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කට  දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.  ශ්‍රී ලංකා කඩුළු 06ක් අවසන් ලකුණු 53 තුළ බිඳවැටුනේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලැබීමේ  වේගය තිබුණේ  පන්දු ඕවරයකට ලකුණු  4.87ක් ලෙසිනි.

ශ්‍රී ලංකා පිල ලකුණු 233කට දවා ගත් පසු…

ශ්‍රී ලංකා පිතිකරණයෙන් හොඳටම සමත් වූ ක්‍රීඩකයා සිය දෙවන එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන සහන් ආරච්චිගේය. ඔහු දෙවැනි තරගයේ දීම  සිය මංගල අර්ධ ශතකය ලැබුවේය. සහන් පන්දු 71ක් තුළ ලකුණු 57කි. කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක්, වනිඳු හසරංග ලකුණු 29ක් සහ පැතුම් නිස්සංක ලකුණු 23ක් ලැබුවේ.

නෙදර්ලන්තය වෙනුවෙන්  ලොගාන් වැන් බීක් පන්දු ඕවර 10ම යැව්වේය. ලකුණු 40ට කඩුලු 02කි.  රයන් ක්ලෙයින්  ලකුණු 42ට කඩුළු 02කි. ආරියන් දත් ලකුණු 51ට කඩුල්ලකි. වික්‍රම්ජිත් සිං ලකුණු 12ට කඩුළු 02කි. සකීබ් සුල්ෆිකාර් ලකුණු 59ට කඩුලු 02කි.

සහන් ආරච්චිගේ මංගල අර්ධ ශතකය ලබා ගනිමින්…

එහෙත් පිතිකරණ අංශයේ දී නෙදර්ලන්ත කණ්ඩායම ළදරුවෝ වූහ. ශ්‍රී ලංකා පන්දු යන්නෝ නෙදර්ලන්ත ඉනිම විනාශ කළහ.

ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කරන්නේ අපරාජිතවය. ඔවුන් ලෝක කුසලානයට සටන් වදින කණ්ඩායම් අතර දැන් 09 වැනි තැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනී මැරුමකට පැමිණි පාතාලයින් 02ක් පොලිසියට කොටු…

Next Post

ගංජා රට යවලා ලාබ ගන්න බෑ… ඒක සහතිකයි!  ලෝකයේ අතිරික්ත ගංජා ලංකාවට විකුණන වැඩක් නම් මේ අය හදයි!.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.