නරකම දේ සිදුවී ඇත. ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණ කරමින් සිටි ටයිටන් යාත්‍රාවේ අතුරුදන් වූ පස්දෙනාම මියගොස් ඇති බව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේය. ඒ තහවුරුවත් සමග මෙතෙක් ලෝකයේ ඉහළම තාක්ෂණය සහිතව දියත් වී තිබු දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුම අත්හැර දමා තිබේ.
ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකායට අනුව ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව තිබේ..
මෙහෙයුම් කටයුතු අතරතුරදී කැනේඩියානු නෞකාවකින් යොදවා තිබූ රොබෝ කිමිදුම් යානයක් ටයිටැනික් නෞකාවේ සුන් බුන් අතර මෙම ටයිටන් යාත්‍රාවේ කොටස් ඊයේ දිනයේ දී සොයා ගත්තේය. යානයේ ඉදිරිපස කොටස මෙන්ම සැකිල්ල සහිත කොටසක් මෙහිදී මුලින්ම නිරීක්ෂණය වී තිබිණි.
ඇමරිකානුු වෙරළ ආරක්ෂක දෙපාරත්මේන්තුවේ රියර් අද්මිරාල් ජොන් මෝගන් උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළේ ටයිටැනික් යානයේ සුන්බුන්වල සිට අඩි 1600ක් පමණ ඈතින් මුහුදු පත්ලේ තිබී සබ්මැරීනයේ කොටස් 05ක් සොයා ගත් බවය. මෙම කොටස් හමුවන්නේ මතුපිට සිට කිලෝමීටර 4ක් පමණ ගැඹුරිනි.
මෙම ව්‍යසනයට ලක් වී ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මෙම සබ්මැරීනය අයත් Ocean Gate සමාගමේ විධායක නිලධාරී Stockton Rush, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන Hamish Harding, ප්‍රංශ කිමිදුම් ශිල්පී Henry Nargeolet, පාකිස්තාන කෝටිපති ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා Suleman Dawood ය.