සිම්බාබ්වේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) මෙරට වෙලාවෙන් දහවල් 12.30ට ඕමාන කණ්ඩායම සහ තරග වැදීමට නියමිතව ඇත.
ඕමානය සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.
මෙම තරගය ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී මුහුණ දෙන දෙවැනි තරගය ය. සිය පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 175කින් ජයගත්තේය.
ඕමාන කණ්ඩායම මේ වනවිට පෙරළිකාර ජයග්‍රහණ අත්කරගනිමින් ඇත. තරග කළ තරග දෙකම ජයග්‍රහණය කරමින් එම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණ තිබෙන්නේය. එක් තරගයක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව සිටින්නේ එම ඛාණ්ඩයේ දෙවැනි තැනය.
ඕමානය සමග අද පැවත්වෙන තරගයට දුෂ්මන්ත චමීර කැඳවනු ඇති බවද වාර්තා වේ.