සියලුම අපේක්ෂාවන් සුන් වෙමින් තිබේ. පෙනෙන ආකාරයට තවත් ඔවුන් පස් දෙනා ජීවතුන් අතර නැත.ටයිටැනික් සුන්බුන් අසල මුහුදු පත්ලේ ටයිටන් සබ්මැරීනයේ යැයි සැක කරන සුන්බුන් කොටස් හමුවී ඇතැයි බීබිසී වාර්තා කරයි.
කිමිදුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමේ කිමිදුම් විශේෂඥ ඩේවිඩ් මීර්න්ස් උපුටා දක්වමින් බිබීසිය වර්තා කරන්නේ යාත්‍රාවේ සුන්බුන් වලට “ගොඩබෑමේ රාමුවක් සහ පසුපස ආවරණයක්” ඇතුළත් වන බවය.
ටයිටන් සබ්මැරිනයේ යැයි විශ්වාස කරන සුන්බුන් ක්ෂේත්‍රයෙන් හමුවන්නේ යාත්‍රාව ගොඩබෑමේ රාමුව සහ ඉදිරිපස ඇති ටයිටේනියම් ආවරණය බව විදෙස් මාධය කියයි.
බීබීසිය වෙරළාරක්ෂ හමුදාවේ නවතම යාවත්කාලීන තොරතුරු අපේක්ෂාවෙනි.
සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ විවිධ නැව් දැනට අත්ලාන්තික් සාගරයේ මෙහෙයුමේ නිරතව ඇත.







