2022 ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැත්වූ තියුණුම තරගයෙන් අනතුරුව ජපානය පරදවා ක්රොර්ෂියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගයේ මුල් මිනිත්තු 90 නිමා වූයේ ගෝල 01 – 01 ලෙස කණ්ඩායම් දෙකම සම සමව ගෝල වාර්තා කිරීමෙනි. තරගයේ මුල්ම ගෝලය වාර්තා කළේ ජපානය ය. තරගයේ 43 වැනි මිනිත්තුවේ දී ජපානය වෙනුවනේ Daichi Kamada එම ගෝලය වාර්තා කළේය.
දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේ ද ක්‍රොඒෂියා ඉදිරිපෙළ ක්‍රීඩක Ivan Perisic ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කර දෙපිල සම කළේය.
මිනිත්තු අනූවක තියුණු තරග කාලය තුළ දෙපාර්ශවයටම ගෝල වාර්තා කළ නොහැකි විය. ලබා දුන් අමතර පැය භාගයක කාලය ද ගෝල නොලබා ගෙවී ගියේය. සම්පූර්ණ තරගය මිනිත්තු 120ක් තෙක් ඇදිනි.
අනතුරුව තරගයේ ජය පරාජය දඬුවම් පහරින් තීරණය කිරීමේ අදියරට පිවිසියේය. ක්‍රොඒෂියාවේ ගෝල් රකින්නා Dominic Kivakovic ය. ඔහු විශිෂ්ට ක්‍රියාන්විතයක නිරත විය. Dominic Kivakovic විසින් ජපන් ක්‍රීඩකයන් වූ
විසින් Takumi Minamino ගේත්, Kaoru Mitoma ගේත්, Maya Yoshidaගේත දඬුවම් පහර රැක ගත්තේය. දඬුවම් පහර අවස්ථාවේ 3-1 ලෙස වාර්තා කළ කොඒෂියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ක්‍රොඒෂියාව බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයා සමග තරග වදිනු ඇත.