පානදුර සුමිත් පොතුපිටිය –
පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 9 ක් ඇතුළු 34 දෙනෙකු අද අලුයම රැඳවුම් භාරයට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායම හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.
සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමක්ද වාර්තා වන බවත් පොලිසිය කීය.
සැකකරුවන් පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමටත් කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.







