ෆේස්බුක් සමාගමේ ආයතනික නාමය මෙටා (Meta) ලෙස වෙනස් වී තිබේ.
සිය ආයතනය මගින් සලසන පුලුල් සේවාවන් නිරූපණය කිරීම සඳහා “ෆේස්බුක්“ ප්‍රතිසන්නාමගත කළ බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශ කළේය.
ඔහු කීවේ නව ආයතනික නාමය මෙටා හෙවත් මෙටාවරස් මගින් ඉදිරි අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරූපණය කෙරෙන බවය.
ආයතනික නාමය වෙනස් වුව ද ෆේස්බුක්, ඉන්සටර්ග්‍රෑම්, වට්ස්ඇප් සන්නාම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිතය.







