“ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාවේ“ මංගල සැසිය අද (29) සවස 3:00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්වෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සිය නිල ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශයට පත් කර ඇත.
“LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම?” යන මාතෘකාව යටතේ මෙම සංවාදය පැවැත්වෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර, කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල, කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මැතිතුමා, මන්ත්‍රි ඒ.එල්.එම්. අතාවුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මූලාසන මණ්ඩල නියෝජනය කරන බව එම සටහනේ දැක්වේ.
එම සජීවී අවස්ථාවට එක්වන ලෙස විවෘත ආරාධානාවක් ද කර තිබේ.







