රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ ආහාර වේලේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවෙමින් පවතින බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි.
දරුවන්ගේ ආහාර වේල තුළ මස් , මාළු සහ බිත්තරවල හිඟය මේ වන විට මතුවෙමින් පවතින බවත් ඊයේ (05) දිනයේදී බිත්තර ලබා දිය යුතු වුවත් ලබා දි ඇත්තේ කරවල බවත් වෛද්‍ය සේනාපති පැවසුවේය.
ආහාරවල මිල ඉහළ යාමත් සමග සැපයුම්කරුවන් ඒවා ලබා දීමේ උනන්දුව ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම මෙම ගැටලුව නිර්මාණය වීමට හේතු වී ඇතැයි හෙතෙම පැවසීය .
කෙසේ නමුත් මේ වන විට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරයන් පවා අඩුවෙමින් පවතින බැවින් ආහාරවල අර්බුදයක් නැවත පැන නගිමින් පවතින බව වෛද්‍ය සන්තුෂ් සදහන් කරයි.
පරිත්‍යාගශීලීන්ගේ ආධාරයන් නැවත අවශ්‍යව ඇති බැවින් ඒ සදහා ඉදිරිපත් වීම හැකි අය ඇත්නම් ඔවුන්ට වහාම රෝහලේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බව හෙතෙම පැවසීය







