උපකරන හා ඖෂධවල උග්‍ර හිඟය හේතුවෙන් මේ වන විට රෝහල්වල සැත්කම් බොහෝමයක් නතර කිරීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් දරයි.
අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 60ට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝහල්වල ගිඟව පවතින බව වාර්තා වේ.
මහරගම අපෙක්ෂා රෝහල තුළ ඖෂධ වර්ග 20ක් සහ එන්නත් වර්ග ගණනාවක්ම හිඟව පවතින බවත් මේවායේ මිල ගණන් ඉතා අධික බවද රෝහල් ප්‍රකාශයෙකු පැවසීය.
කොළඹ ජාතික රොහල , ළමා රෝහල, කරාපිටිය රෝහල , බදුල්ල, නුවර මාතර ඇතුල ප්‍රධාන .රෝහල්වල අත්‍යවශය ඖෂධ නොමැති වීම හේතුවෙන් ශල්‍යකර්මත් නතර කිරීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පුළුන් ඇතුළු ඖෂධ හා උපකරණ බොහෝමයක් හිඟවීම හේතුවෙන් ජාතික දත්රෝහලේ දන්ත ශල්‍ය කටයුතු සිමා වී ඇතැයි ද පැවසේ..
දිනකට ප්‍රතිකාර සදහා රෝගීන් 500ක් පමණ පිරිසක් රෝහලට පැමිණෙන නමුත් උපකරණ හා ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ දෙනෙකු නැවත හරවා යැවීමට සිදුවන බවද හෙතෙම පැවසිය.
ඉතාමත් දැඩි වේදනාවන්ගෙන් පසුවන රෝගීන්ට ලබා දීමට වේදනානාශක ඖෂධ පවා ප්‍රමාණවත් නොවන බැවින් රෝගීන් දැඩි වේදනාවෙන් නැවත හැරී යන අවස්ථාවන්ද බොහෝමයක් තිබෙන බව පැවසේ.රෙ