මහත් ආන්දෝලනයකට ලක් කරමින් දණ්ඩනයට ලක් කරන්නට උත්සාහ කළ ලෝක ළමා දිනය දා දරුවන් පිරිසක් සමග නර්තනයේ යෙදුණු කදිරානේ ගුරුවරියන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.
මධ්‍ය පාන ගීතයට ළමයින් සමග එක්ව කළ නර්තනය සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය බව අධ්‍යාපන බලධාරීන්ගේ ප්‍රකාශ වීමත් සමග සමාජ මාධ්‍යය තුළ එම තීන්දුව සම්බන්ධව දැඩි විවේචනයක් එල්ල විය. අධ්‍යාපන බලධාරීන් නිදහස් මනසින් හැසිරිය යුතු බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් තිබිණි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍යය තුළම සංසරණය වූ එම වීඩියෝව සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව බස්නාහි පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.








