සිසුවෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධවව චෝදනාමත පසුගිය 23 වැනිදා අත්අංගුවට ගනු ලැබූ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පිරිමි පාලසලක විදුහල්පතිවරයාගේ සිසු අපයෝජන ඉතිහාසය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ආරංචි මාර්ග කියයි.
විදුහල්පතිවරයා බන්ධනාගාරගත කිරීමෙන් පසු තවත් සිසුන්, ගුරුවරුන් දෙමාපියන් ඔහුට එරෙහි තොරතුරු ලබා දුන් බවත්, ඒවා සත්‍ය තොරතුරුදැයි තහවුරු කරගැනීම සඳහා විමර්ශන පවත්වමින් සිටින එම අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් මෙම විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මාධ්‍යයට පවසා තිබිණි.
රත්නපුර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක විදුහල්පතිවරයා එහි සිසුවකු ලිංගිකව අපයෝජනනය කර ඇති බවට අධිකාරියේ හදිසි දුරකතන ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව කළ විධිමත් විමර්ශනයකින් පසු ළමා රක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
පාසලේ සිසුන් තම නිල නිවාසයට ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් මෙම විදුහල්පතිවරයා සිසුන්ව සිය අපචාරී ජීවිතයට ගොදුරු කරගෙන ඇතැයි වාර්තා වී ඇත.
මෙවැනි තත්වයන්ට මුහුණ පෑ තවත් දරුවන් වේ නම් ඒ බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.
මෙසේ තොරතුරු ලබාදෙන දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් ආදීන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්‍ෂා කරන බව ද තොරතුරු යටපත් කිරීම සඳහා බලපෑම් කරන පිරිස් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.