ජයකාන්ත ලියනගේ – බළපිටිය
අළුත්ගම, දර්ගානගරය ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාර දිගින් දිගටම ටැටලීම හේතුවෙන් කළුතර පොලිස් ස්ථානයට ස්ථාන මාරු කරන ලද අළුත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන ගේ ස්ථාන මාරුව පෙරේදා (25) දින සිට අවලංගු කර තිබේ.
කළුතර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජී කේ කේ කපිල ප්‍රේමදාසගේ අත්සනින් යුත් අංක SSP/K/TR/105-i/2022 දරණ 2022.11.25 දිනැති ලිපිය මගින් අදාල ස්ථාන මාරුව අවංගු කරන ලද බව අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මගින් පූජිත වරුෂවිතානට දැනුම් දී තිබේ.
කළුතර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අත්සනින් යුත් අංක SSP/K/TR/105/2022 දරණ 2022.11.19 දිනැති ලිපිය මගින් පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 19 වැනි දින සිට කළුතර දකුණ පොලිස් ස්ථානයට ස්ථාන මාරුකර තිබුණි.
මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් පසුගිය 21 සහ 22 දෙදින දිනපතා පුවත්පත් හා වෙබ්පිටු මගින් විශාල වශයෙන් හෙලිදරව් කර තිබුණි. එම මාධ්‍ය වාර්තා එදින රූපවාහිනී මාධ්‍ය ආයතන මගින්ද ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබූ අතර එයින් පසු දිවයිනේ බොහෝ සිවිල් ක්‍රියාකාරීන් සිද්ධියට මැදිහත්ව තිබිණි.
මේ පසුබිමේ දි පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතානගේ ස්ථාන මාරුව අවලංගු කරමින් කළුතර කොට්ඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා SSP/K/TR/105-i/2022 දරණ 2022.11.25 දිනැති ලිපිය එවන්නේ පූජිත් වරුෂවිතානව කිට්ටු අධීක්ෂණයට ලක් කරන ලෙස අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවෙත උපදෙස් ලබා දෙමිනි.
කෙසේ වෙතත් එම උපදෙස් මගින් මෙම නීති විරෝධී ගවඝාතකාගාර වැටලීම් නතර කිරීමට අනියමින් උපදෙස් බලා දෙන බව අළුත්ගම පොලිසිය පවසයි.
අළුත්ගම, දර්ගානගරය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතාකාගාර 10 ක් පමණ පවත්වාගෙන යන බවත් ඒවා පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් ඒ වෙනුවෙන් ඉතා ඉහළ මිළ ගනන් වලින් මුදල් වියදම් කරන බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගම හෙළි කරයි .
දර්ගානගරයට ආසන්න අධිකාරිගොඩ, මිහිරිපැන්න, වරාපිටිය යන ප්‍රදේශ වල මෙම ගව ඝාතාකාගාර තිබෙන බව අළුත්ගම පොලීසිය විසින් කරන ලද වැටලීම් වලදී තහවුරුකර ගෙන තිබේ.







