අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර සිගරට් පිටුපස අදිසි හස්තය කවුරුන් ද?

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Cancer-Risks-for-Cigarette-Smokers
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්වචනය කර ඇති පරිදි, ‘නීති විරෝධී සිගරට් වෙළඳාම’ යනු සිගරට් නිෂ්පාදනය, නැව්ගත කිරීම, ලබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, බෙදා හැරීම, විකිණීම, මිලදී ගැනීම සහ එවැනි නීති විරෝධී උත්සාහයන් සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නීතියෙන් තහනම් කර ඇති ඕනෑම පුරුද්දක් හෝ හැසිරීමක් වේ. නීතිවිරෝධී වෙළඳාම නිෂ්පාදන කාණ්ඩ තුනකින් සමන්විත වේ: එනම්, ජාවාරම් නිෂ්පාදන (Smuggled), ව්‍යාජ නිෂ්පාදන (Counterfeits) සහ අඩු මිලට ඇති සිගරට් (සුදු සිගරට් / Cheap/illicit whites) වේ.

දිනෙන් දින අලුත් වන සාක්ෂි සමඟින්, දුම්කොළ සමාගම් සිගරට් ජාවාරමට සංකීර්ණ ලෙස සම්බන්ධ බවත්, මෙය දුම්කොළ සමාගම් විසින් ගෝලීය පරිමාණයෙන් අනුගමනය කරනු ලබන පුළුල් උපාය මාර්ගයක් බවත් තවදුරටත් රහසක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ බාත් විශ්ව විද්‍යාලයේ වාර්තා කිරීම් වලට අනුව, 1990 මුල් භාගය වන විට, සිගරට් ජාවාරම එම කර්මාන්තයේ ව්‍යාපාරික උපාය මාර්ගවල ඉතා වැදගත් අංගයක් වූ බව දුම්කොළ සමාගම් වල අභ්‍යන්තර ලේඛන වලින් හෙළි විය. 1990 අගභාගයේ සහ 2000 මුල් භාගයේදී මෙම උපායමාර්ගය හෙළිදරව් කිරීම, දුම්කොළ කර්මාන්තයට එරෙහිව පරීක්ෂණ, නඩු විභාග සහ දුම්කොළ සමාගම් සඳහා අතිශය සෘණාත්මක ප්‍රසිද්ධියක් ඇති කිරීමට හේතු විය. දැවැන්ත මහජන සම්බන්ධතා ව්‍යාපාරයක් යොදා ගනිමින් දුම්කොළ සමාගම් එකහෙලා කියා සිටියේ තමන් සිගරට් ජාවාරමේ ගොදුරක් මිස ඒ පිළිබඳ වැරදිකරුවන් නොවන බවයි. නමුත් වර්තමාන සාක්ෂි වලින්ද පෙන්නුම් කරන්නේ නීතිවිරෝධී සිගරට් වෙළඳාම කෙරෙහි දුම්කොළ සමාගම් වල සැලකිය යුතු අඛණ්ඩ මැදිහත්වීම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

දුම්කොළ සමාගම මතමන්ගේම නිශ්පාදන ජාවාරම් කරන්නේ ඇයි?

දශක ගණනාවක් තිස්සේ බහුජාතික දුම්කොළ සමාගම් තමන්ගේම නිෂ්පාදනයන් ජාවාරමේ යෙදෙමින්, එමගින් ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගනිමින් සිටී. පහත සඳහන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දුම්කොළ සමාගම් තම නිෂ්පාදන ජාවාරම සිදු කරයි;

  • සිගරට් නිෂ්පාදන මත බදු හෝ මිල වැඩි කිරීම අඩාල කිරීමට.
  • නීතිමය හෝ නීති විරෝධී යන වග නොසලකා තම නිෂ්පාදන හරහා ලාභ ඉපැයීමට.
  • සෑම ප්‍රතිපත්තියක්ම සිගරට් ජාවාරම වැඩි වීමට තුඩු දෙන බව පවසමින් දුම්කොළ පාලන ප්‍රතිපත්තිවලට එරෙහිව තර්ක කිරීමට.
  • ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස අඩු වන සාමාන්‍ය වෙළඳපොල මිල, සිගරට් භාවිතයෙන් ඉවත් වීම අධෛර්යමත් කරන අතර දුම්කොළ කර්මාන්තයේ සම්පූර්ණ විකුණුම් වැඩි කරයි.
  • නීතිවිරෝධී අලෙවිය දැනට ස්ථාපිත දුම්කොළ පාලන ප්‍රතිපත්ති අඩපණ කරයි (ඇසුරුම් නීති, විකුණුම්වල වයස් සීමාවන්).
  • දුම්කොළ සමාගම් වෙළඳපොල ප්‍රවේශ උපාය මාර්ගයක් ලෙසද ජාවාරම් භාවිතා කරයි.

සිගරට් බදු වැඩි කිරීමත් සමග මාධ්‍ය සමග මාධ්‍ය සහ  පර්යේෂණ හරහා නිති විරෝධී වෙළෙඳාම අතිශයෝක්තියට නැංවිම

වර්තමානයේ ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමානව, සිගරට් නිෂ්පාදන සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූ විට හෝ එවැනි ප්‍රතිපත්තියක් ස්ථාපිත වූ විට, එම රටේ නීති විරෝධී සිගරට් වෙළඳාමේ ප්‍රමාණය සහ එහි බරපතලකම පිළිබඳව අතිශයෝක්තියෙන් ප්‍රකාශ කිරීම දුම්කොළ කර්මාන්තය භාවිතා කරන පොදු උපාය මාර්ගයකි. මෙසේ ඉදිරිපත් කරන ප්‍රධාන පොදු තර්ක කිහිපයක් පහත පරිදි වේ;

  • සිගරට් බදු වැඩි කිරීම නිසා නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළඳාමේ වැඩිවීම අනිවාර්යයෙන් සිදු වන්නකි.
  • නීතිවිරෝධී සිගරට් වෙළඳපොලක් පැවතීම, බදු වැඩිකිරීමකින් පසු රජයට ලැබෙන ආදායම අඩු කිරීමට හේතු වේ.

2023 ජූලි මස 20% කින් ද 2024 ජනවාරි 01 වන දින 14% කින් ද සිගරට් නිෂ්පාදන සඳහා බදු වැඩිවීමත් සමඟ ඉහත තර්ක මාධ්‍ය තුළින් ඉතා ඉහළ ලෙස ප්‍රචාරණය කරනු ලැබූ අතර එමඟින් නීති විරෝධී දුම්කොළ වෙළඳාම පිළිබඳ ඉහළ කතිකාවක් ඇති විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඇතැම් පර්යේෂණ වාර්තා වල අන්තර්ගතයන් පිළිබඳ අවධානය යොමු කිරිමේ දී එම අධ්‍යයන සොයාගැනීම් වලදී ද සිගරට් බදු වැඩිකිරීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන අතර, දුම්කොළ කර්මාන්තය විසින් ඉදිරිපත් කරන ලද තර්කවලට පැහැදිලිවම සමාන සහ ‌නොමග යවන තර්ක කිහිපයක් එම අධ්‍යයනවලින් පාඨකයාගේ අවධානයට යොමු කරයි.

එම අධ්‍යයන සොයාගැනීම් වාර්තා කරන්නේ සිගරට් සඳහා බදු වැඩිවීමත් සමඟ පාරිභෝගිකයින් නැවත වරක් වඩාත් දැරිය හැකි විකල්පවලට යොමුවන බවත්, මෙය නීතිවිරෝධී සිගරට් වෙළඳාම වැඩි වීමට හේතු වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රජයට විශාල ආදායමක් අහිමි වන බවත්ය. කෙසේ වුවද, බදු වැඩි කළද රාජ්‍ය ආදායම අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිගරට්  නිෂ්පාදන ජාවාරම 20%කට වඩා වැඩි බව එම වාර්තා වලින් කරුණු ඉදිරිපත් කරයි. එහෙත් මෙම දත්ත මූලික වශයෙන් දුම්කොළ කර්මාන්තය විසින් ජනනය කරන ලද දත්ත සහ වෙළඳපොල ප්‍රභවයන් වැනි නොපැහැදිලි මූලාශ්‍ර මත රඳා පවතින බැවින් මෙම සංඛ්‍යාවල විශ්වාසනීයත්වය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. අවාසනාවකට මෙන්, දුම්කොළ කර්මාන්තයට හිතකර වන දත්තයන් ඉදිරිපත් කිරීමට ඇති නැඹුරුවත් සමඟ, එවැනි මූලාශ්‍ර විශ්වාසයට ගැනීම ගැටලු සහගත වේ. තවද එම අධ්‍යයන සදහා මූල්‍ය අනුගහය දක්වා ඇත්තේ කවුරුන්ද යන්න ද සැක සහිතය.

ඊට හාත්පසින්ම වෙනස්ව, රේගු නිල සංඛ්‍යාලේඛන හෙළිදරව් කරන්නේ ජාවාරම් කරන ලද සිගරට් අත්අඩංගුවට ගෙන ඇත්තේ 1% කට වඩා අඩු ප්‍රමාණයක් බවයි. වාර්තා වූ ජාවාරම් සිදුවීම් ඉහත සඳහන් කළ 20% හි පැවතියේ නම්, නීති විරෝධී සිගරට් නිෂ්පාදන වෙළඳාම අධෛර්යමත් කිරීම සහ අවම කිරීම ඉලක්ක කරගත් නියාමන ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් එමගින් ඉදිරිපත් කරයි.

අනිත් පවත්නා දත්තයන් සහ තොරතුරු වලට අනුකූලව, බදු සහ මිල උච්චාවචනයන් සිගරට් නිෂ්පාදන ජාවාරම පිටුපස ඇති එක් සාධකයක් පමණක් නියෝජනය කරන බව පැහැදිලිය. විවිධ රටවල් අතර නීත්‍යානුකූල සිගරට් නිෂ්පාදනවල මිලෙහි විචලනයන් සහ සිගරට් ජාවාරමට සම්බන්ධ දඬුවම් ප්‍රමාණවත් නොවීමද මේ සාධක අතරට ඇතුළත් වේ. මෙනිසා, සිගරට් නිෂ්පාදන ජාවාරම හා සම්බන්ධ සියලු සාධක සැලකිල්ලට ගනිමින් ඒවා අවම කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඉහත කරුණු වලට අමතරව, ශ්‍රී ලංකා රජය 2016 පෙබරවාරි 8 වන දින සිගරට් / දුම්කොළ නිෂ්පාදනවල නීති විරෝධී වෙළඳාම තුරන් කිරීමේ  ජාත්‍යන්තර ගිවිසුමට අත්සන් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සියලුම ජාවාරම් හා ඒ ආශ්‍රිත සියලුම  ක්‍රියාකාරකම් සහ ඒ සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා ක්‍රියාකාරී පියවරයන් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව නීති විරෝධී සිගරට් /දුම්කොළ නිෂ්පාදන ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජයට බැඳීමක් ඇති බව අවධාරණය කර සිටිමු.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ICC   නම් කළ  2023   ලෝක  කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට….

Next Post

රෝයල් බිච් සමන් ඇතුළු පංච පුද්ගල ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්?… මූලික විමර්ශන අනාවරණය කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.