කීර්ති ප්‍රනාන්දු –
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි රඹුක්කන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද 29 අලුයම විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ නලීන් බුද්ධික ජයසූරිය නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බව පොලීසිය පවසයි.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද අළුයම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කෑගල්ල කලුගල්ල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා සිදුකළ පරික්ෂා කිරීමේදී මන්ත්‍රීවරයා විසින් පදවාගෙන පැමිණි ලොරි රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම දැව කඳන් තොගය සහ මන්ත්‍රීවරයාව ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
මන්ත්‍රී බලය පෙන්වා මිදී යන්නට හැදුවත් අත්අඩංගුවට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව කෑගල්ල මූලස්ථාන පොලීසියට භාරදීමෙන් පසුව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පොලිස් අප පත මුදාහැරි බව පවසන පොලිසිය සැකකාර මන්ත්‍රීවරයාව සහ ලොරි රථය ද දැව කඳන් තොගයද ලබන දෙසැම්බර් මස 8 වන දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.