අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පණ අදින තෙල් සංස්ථාවට ගත්තු ඩොලර් ණයෙන් කෝටි 3553ක් කොමිස්… අනුර පාර්ලිමේන්තුවේ දී හෙලි කරයි!

ණය මුදලේ පොලිය සියයට 3යි... කොමිස් මුදල සියයට 7යි... මේ මොන ණයක් ද?.  අනුර  ගම්මන්පිලගෙන් අසයි!

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තෙල් සංස්ථාවට ඇමරිකානු සමාගමකින් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට ඛණිජතෙල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවත්,  කැබිනට් අනුමැතිය ලැබුණු එම ණය මුදලේ පොලිය සියයට තුනක් වුවද කොමිස් මුදල සියයට හතක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

මේ තරම් අශිෂ්ට ලෙස මෙවැනි ගනුදෙණු සිදුවන්නේ  ඩොලර් මිලිය 3400ක් රජයේ ප්‍රධාන බැංකු දෙකට ණය වී රාජ්‍ය බැංකු දෙකත් අස්ථාවර කිරීමේ බිහිසුණු අවදානමට තෙල් සංස්ථාව පත් වී ඇති වටපිටාවක බව කී මන්ත්‍රීවරයා ජාත්‍යාන්තර බැංකුවක සියයයට තුනක රක්ෂණයකින් තොරව ඛණිජ තෙල් සංස්ථාවේ ණයවර ලිපි පිළිනොගන්නා තරම් රටත් සංස්ථාවත් ලෝකය හමුවේ බංකොලොත් වී ඇති විට මෙවැනි ගනුදෙණු සිදුවීම පිළිබඳව ඇතිවන්නේ දැඩි කම්පාවක් බව කීවේය.

“ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත දිගුකාලීන  ඇමරිකානු ඩොලර්   ප්‍රතිමූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම. “  යන තේමාව යටතේ ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාව පෙන්වූ මන්ත්‍රීවරයා  එහි  පොලී අනුපාතය සියයට තුනක් ලෙසත්,  ණය සම්පාදන ගාස්තු සහ වෙනත් කළමනාකරණ ගාස්තු ණය මුදලින් සියයට හතක් ලෙස දක්වා ඇති ආකාරය පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“බලශක්ති ඇමතිවරයා පසුගිය දා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළා  ඩොලර් බිලියන දෙක හමාරක ණයක්  ගන්න ඇමරිකානු සමාගමකින්. පොලිය සියයට තුනයි. කමිෂන් එක සියයට හතයි. කැබිනට් පත්‍රිකාව මා සතුව තිබෙනවා.   ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණයක් ඇමරිකානු සමාගමකින් ගන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළත්  මේ කමිටුව පත් කළේ ඩොලර් මිලියන දහසක් ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නෙ ඩොලර් බිලියනක ණය මුදලක් ගන්න තමයි කමිටුවට බලය දුනනේ.“

“නමුත් කැබිනට් පත්‍රිකාව එනවා ඩොලර් මිලිය දෙදහස් පන්සියයක ණය මුදලක් ගන්න. පොලිය සියයට තුනයි. කොමිස් එක සියයට හතයි. ඒ කියන්නේ ඩොලර් මිලියන එකසිය හැත්තෑපහයි කොමිස් එක.

“ඩොලර් මිලියන 175ක් කොමිස් ගෙවන්න?. මොන ණය මුදලක් ද මේ ගන්න යන්නේ.  ඩොලර් එක් රුපියල් 203ට බැලුවත් ඩොලර් මිලියන 175ක් කියන්නේ රුපියල් මිලියන තිස් පන් දහස් පන්සිය තිස් පහයි. ලංකාවෙ මොන ව්‍යාපෘතියට ද රුපියල් මිලියන තිස් පන් දහස් පන්සිය තිස් පහක් කොමිෂන් ගෙවන්නෙ. එය මොන ව්‍යාපෘතියක් ?. මොන ණය මුදලක් ද ඒක.“

“හැබැයි අමාත්‍ය උදය ගම්මන්පිල ඒක කැබිනට් මණ්ඩලයට දැම්මා. තමුන්නාන්සෙල අත උස්සලා ඒක අනුමත කළා.  රුපියල් මිලියන තිස් පන්දහස් පන්සියයක් කොමිස් ගන්න ණයක් ගන්න.“

“ඔබ හිතනව ද ඒව මූල්‍ය සමාගම් වලට විතරයි යන්නෙ කියලා. නෑ. ගොඩාක් අය අතරෙ මේවා බෙදිලා යන්නේ. “

තවත්  උදම් අනන්නට නොව බදාගෙන ඇඬිය යුතු තත්වයක් නිර්මාණය වී ඇති බව කී මන්ත්‍රීවරයා පසුගිය මස පැමිණි බොරතෙල් නැව    ගොඩ බා ගත නොහැකි තරමට රට බංලොත් වී ඇති අයුරු සිහි කළේය.  පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ  ටෙනඩර කැඳවීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණ ආකාරය පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා කීවේ මෙවැනි දූෂණ සිදුවෙමින් ඇත්තේ ජාත්‍යාන්තරව බංකොලොත්  වුණු  රටක බංකොලොත් තෙල් සංස්ථාවක් තුළ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටින් අඩක් අඳුරට යැවූ හේතුව අධිබල රැහැන් පද්ධතියක බිඳවැටීමක්!

Next Post

හොර දැව තොගයක් අදිද්දී කොටු වුණු රඹුක්කන පොහොට්ටු මන්ත්‍රී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.