අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යමක් සඟවා ගිය ඒ මරණය…

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නොවැම්බර් 13 වෙනිදා වැලිකන්දේ සිදුවූ ගිනි ගැනීමක් නිසා දින 12ක් තිස්සේ පොලොන්නරුව රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණි කාන්තාවක් මිය ගියාය.

  • ගෑස් අනතුර

වැලිකන්ද පොලිසිය  අපට කීවේ පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක තරුණියක් මිය ගිය බවය. ඒ පසුගිය 25 දා සවසය.

මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගොස්  සිටියේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.

ඒ තොරුතුරු ඔසසේ වැලිකන්දේ මේ ගෙදර සොයාගෙන ගියෙමි.  මේ මස 13 දා ඇය නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී   ගෑස් සිලින්ඩරය ගිනිගෙන ඇති බව   පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී යැයි පොලිසිය එදා පැවසුවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

තරුණියගේ පියා පැළලටියාව  අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය ය. ඔහු හඬා වැටෙමින් කී කතාව පටිගත කරගත්තෙමි. ඒ තාත්තා කීවේ අයේෂා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය ඔහුට කී කතාවය.

“ ගෑස් ලිප තුන් හතර පාරක් පත්තු කරන්න හැදුවත් පත්තු වෙලා නෑ. ඒක නිසා ගිනි කූරක් ගැහුවා කියලා දුව කිව්වා. ඒ එක්කම තමයි ගෑස් ලිප ඇවිලිලා දුව ගිනි අරන් තියෙන්නෙ…“

මේ ඒ තාත්තා කී කතාවය.

අසල්වාසීහු මේ අනතුර ගැන කතා කීහ. ඔවුන් කීවේත් ගෑස් අනතුරක් ගැනය.  නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ සිදු වූ මෙම අනතුරින් මුළුතැන් ගෙය පුරා ඇති වූ ගින්නත් නිවා දමා අයේෂා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ආකාරය ඔවුහු කීහ.  එතැනින් පොළොන්නරුව රෝහලටත් පොළොන්නරුවෙන් කොළඹ   ජාතික රෝහලටත් මාරු කළ ඇය අවසානයේ ඒ අනතුරින්ම මෙළොව හැර ගියාය.

අපට ඇසූ ඇසූ කෙනා කීවේ ගෑස් අනතුරක කතාවකි.  වැලිකන්ද පොලිසියත් ඒ කතාව පසුගිය 26 දා උදෑසන තෙක් කීවේය.   අලුත ගෙනා ගෑස් සිලින්ඩරයෙන් සිදුවූ මෙම අනතුර ගැන    විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස  ඒ තාත්තා එදා උදේ රටෙන් ඉල්ලා සිටියේය.   අයේෂා කුමුදුනි තරුණියගේ අවසන් කටයුතු 26  වෙනිදා පැළෑටියාව  පොදු සුසාන භූමියේදී  සිදු විය.

අපි මේ බව වාර්තා කළෙමු. පාර්ලිමේන්තුවේ පෙරේදා ගෑස් අනතුරු ගැන විශාල සංවාදයක් ඇතිවිය. එහිදී පොලොන්නරු දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් වැලිකන්දේ අයේෂා ගේ මරණය ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.  ඒ සංවාදය ඇති වන්නේත් මිය ගිය තරුණිය ගෑස් අනතුරකට ලක් වූ බවට වූ දැනුම මතය.

  • පොලිසියේ අලුත් ප්‍රකාශය   

මේ අතර පසුගිය 26 වැනිදා සවස පොලිසිය සහමුලින්ම වෙනස් ප්‍රකාශයක් කළේය. ඒ මේ තරුණිය මිය ගොස් තිබුණේ ගෑස් අනතුරකින් නොවන බවය.  පොලිසිය කීවේ ඇය ඇඟට ගිනි තබාගෙන සිය දිවි හානිකරගත් බවය. හේතුවත්  ඔවුන් සොයා ගෙන තිබිණි. ඔවුන්ට අනුව හේතුව සිය සැමියා සමග වූ ආරවුලකි.

මරණයට පෙර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය අයේෂාගෙන් කටඋත්තරයක් ගෙන තිබිණි. ඇය පසුගිය 17 දා මරදාන පොලිසියට කියා තිබුණේත් පියා අපට කී කතාවමය.  මාළු ව්‍යාංජනයක් ලිප තබා ගිනි ඇවිලවීමට උත්සාහ කළත්  නොහැකි වූ නිසා ගෑස් ලිප පත්තු කරගැනීමට ගිනි කූරක් දැල් වීමෙන් ඇති වූ ගින්න  ගැන ඇය දුන් කටඋත්තරය තවමත් මරදාන පොලිසියේ තිබේ. සතියකටත් වඩා වැඩි කාලයක් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ටත් ඇය කියා ඇත්තේ මේ කතාවමය

මරණ පරීක්ෂණයෙන් කීවේ ගිනිගෙන ඇති වූ තුවාල ආසාදනය වීමෙන් මෙම මරණය සිදු වූ බවය.  මේ කිසිවක සියදිවි හානිකරගැනීමක් ගැන සටහනක් නොතිබිණි.

එහෙත් තවමත් යෞවනයේ ගතකරන මේ තරුණ කාන්තාව සිය සැමියා සමග ඇති වූ හිත් අමනාපයක් ප්‍රකාශ කිරීමට “ බූමි තෙල් දමාගෙන ගිනි තබා ගන්නවා “ යැයි යැවූ වට්ස් ඇප් පණිවිඩයක් මත පමණක් පිහිටමින් පොලිසිය මේ නිවේදනය නිකුත් ඇති බව දැන් සැලවන්නේය.  පොලිසිය මේ සැකය මත පදනම් වෙමින් පරීක්ෂණ මෙහෙයවන්නේ සිද්ධිය වී  දෙසතියකට පසුවය.

දැන් වැලිකන්ද පොලිසිය ගෑස් ලීක් එක්ක ගැන කියන්නේ නැත. ඊයේ අනෝරා වැස්සේ  ඒ තාත්තා හමුවීමට වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයට ගියෙමි.

දැන් ඒ තාත්තාත් ගෑස් අනතුරක් ගැන කතා කරනනේ නැත. ගෑස් ගැන තබා ඔහු මාධ්‍යයට වචනයක්වත් කියන්නටත් සූදානම් නැත.

“ දැන් දුව නෑ…. ඔයාලා එක්ක දැන් ඔය ගැන මොනවා කතා කරන්න ද?“  ඔහු එසේ පැවසුවේය.

ඒ වැස්සේම ආපසු පැමිණියෙමි.

කතාව නිමිය.

හිතාගන්නා දෙයක් හිතාගැනීම ඔබට බාරය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර දැව තොගයක් අදිද්දී කොටු වුණු රඹුක්කන පොහොට්ටු මන්ත්‍රී…

Next Post

සිරිසේන කුරේ දිවි සැරියෙන් සමුගනී!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.