හොංකොන් හී ළමා කතා පොතක් නිර්මාණය කළ පස් දෙනෙකු හට චීන රජය විසින් මාස 19 සිර ඳඩුවමක් නියම කර තිබේ.
ළමුන්ගේ කථන හැකියාවන් වර්ධණය කිරීමේ නිරත මෙම පස්දෙනා ඊට උපකාරී වන අයුරින් අදාල ළමා කතා පොත නිර්මාණය කර ඇති බවට වාර්තාවේ.
මෙම ළමා කතාවට අනුව බැටලුවල් රංචුවක් විසින් තම ගමට ඇතුළු වීමට උත්සහ කළ වෘකයින් පිරිසක් නතර කර පළවා හැරීමට සමත්වේ. කෙසේ වෙතත් මෙම කතාව චීන රජය විසින් වෙනත් ආකාරයකින් අරුත්ගන්වා ඇත.
එහිදී චීන රජය විසින් පවසා ඇත්තේ අදාල නිර්මාණ කරවුන් විසින් බැටලුවන් රංචුව හොංකොන් ලෙසත් වෘකයින් ලෙසත් නිර්මාණය කර ඇති බවයි. ඒ අනුව මෙම ළමා කතාව රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක් බවද ඊට අදාලව පැවති නඩු විභාගයේදී තීරණය කර තිබේ. මෙම නඩු විභාගය චීන රජය විසින් ඒ සඳහාම පත් කළ විනිසුරුවරයෙකු ඉදිරියේ පවත්වා ඇති බවටද වාර්ථාවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කතුවරුන් අධිකරණය ඉදිරියේදී තර්ක කර ඇත්තේ අදාල නිර්මානය ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය විස්තර කර ඇති බවයි.
පසුගිය කාලයේදී චීන රජය විසින් හොංකොන් හී කටයුතු දැඩි මර්ධනයකට ලක්කළ අතර එහිදී විශාල පිරිසක් අත් අඩංගුවටද ගැණිනි. හොංකොන් පාලන ප්‍රදේශය චීනයේ සෙසු ප්‍රදේශ වලින් වෙනස්ව පැවතිනි අතර එහිදී එක් රටක් නීති දෙකක් සංකල්පය අනුගමනය කෙරිනි.
ඒ අනුව හොංකොන් හී චීනයේ සෙසු ප්‍රදේශ වලට සාපෙක්ෂව ලිහිල් නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතියද පසු ගිය කාලයේදී එම තත්ත්වය වෙනස් කිරීමට චීන රජය විසින් පියවරගෙන තිබිණි.







