ඊයේ අළුයම 3 සිට අද අළුයම 3 දක්වා දියත්වුන විශේෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේදී සැකකරුවන් 2166ක් සමග හොරොයින් කිලෝ එකයි ග්‍රෑම් 370ක්, ගංජා කිලෝ හතයි ග්‍රෑම් 800ක්, මාවා කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක්. මත් පෙති 1075ක් අත් අඩංගුවට ගත් බව මාධ්‍යය වෙත නිවේදනය කර ඇත.
මීට අමතරව අක්කර 05 ගංජා වගාවක් ද එක් සැකකරුවෙක් සමග අත් අඩංගුවට පත් වි ඇත.
අත් අඩංගුවට ගත් මුලු සැකකරුවන් 2166 න් සැකකරුවන් 66 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබන බව මෙහෙයුම් ආරංචි මාර්ග කියයි.
එසේම, සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 226 දෙනෙකු යොමු කර ඇතැයි වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.







