ශ්‍රියානි විජේසිංහ –
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාව කැබිනට් අමාත්‍යධූරයෙන් ඉවත් කර නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහරින්නැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ජනාධිපතාවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රශ්න සහගතය ඉමියුනෝග්ලොබියුමින් ඖෂධය වංචාවේ සැකකරුවෙකු බවට පත්වි අත්අඩංගුවට පත්ව තිබෙන අවස්ථාවේදී එම ගණුදෙණුවේ මහමොළකරු ලෙස අධිකරණය හමුවේ අවස්ථා කීපයකදී ප්‍රකාශ වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටාපිටාව සකස් කර දෙන්නැයි වෛද්‍ය චමල් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
දූෂිතයින් නීතිය හමුවට ගෙන ඒමට ශක්තිමත් සිවිල් හා පුරවැසි සංවිධානවලට එය කළ හැකි බව මේ වනවිට ඔප්පු වී ඇතැයි වෛද්‍ය චමල් සංජීව කියයි.







