කීරි සම්බා සහල්වලට සමාන GR11 සහල් ටොන් 50,000ක් පෞද්ගලික අංශයෙන් ආනයනය කිරීම සඳහා වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද (19) කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ වනවිට වෙළෙඳපලේ පවතින කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස මෙම තීන්දුව ගෙන ඇත.
දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෙම සහල් කිලෝවක ඉන්දියාවේ දී මිල ශ්‍රි ලංකා රුපියල් 171කට ආසන්න වේ. GR11 යනු ඉන්දියානු සහල් නිශ්පාදනයකි. මෙම සහල් විශේෂය බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, තෝසේ, ඉඩ්ලි වැනි කෑම වර්ග සෑදීම සදහා ගොලීය වශයෙන් භාවිතා කරන සම්බා සහල් ප්‍රභේදයකි.







