අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේය.
එක් එක් සැකකාරියට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මෙසේ මුදා හැර ඇත.
නඩුව නැවත පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තැබුණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 14 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මඟින් ඊයේ අත්අඩංගුවට ගත්තේ පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මතය.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කළ අතර එහිදී එක් කාත්වක් පොලිස් අත්අඩංගුවට පත් විය.
ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කළේය.