බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්න ජනාධිපති හිමිකම් පනත සංශොධනයට කැබිනට් අනුමැතිය ලැබෙයි….

විශ්‍රාම වැටුප පමණක් එහෙම්ම තිබේවි... ව්‍යවස්ථාවෙන් රැකවරණය ලබාගෙන ඇති එම හිමිකම අහෝසි කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් එක්ක... කැබිනට් ප්‍රකාශක කියයි!

by editor
ජූනි 17, 2025
in පුවත්
pension-pracidents-sri-lanka
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජන වරමක් ලබා දී ඇති බවත්, ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති, කලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා, නිවාස ඇතුළු විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1984 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත පරිච්ඡින්න කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයට උපදෙස් දීමට අධිකරණ ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කැබිනට් ප්‍රකාශ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ වසර හතලිස් ගණනකට පසු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම සඳහාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහාත් නීතියක් රැගෙන එන බවත් පනත සම්මත වූ දා සිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

ඔහු පැහැදිලි කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් ලබා දීම සම්බන්ධව ව්‍යවස්ථාවෙන් ආවරණයක් ලබාගෙන ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියෙන් සහ 36(4) වගන්ති ප්‍රකාරව ආරක්ෂා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප බව කී ඇමතිවරයා එය අහෝසි කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් බැවින් දැනට ඒ සඳහා පියවර නොගන්නා බව කීවේය.

“දැන් ජීවත්වන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතින් ආරක්ෂා වෙන කොටසක් තියනවා. ඒ අයගෙ නිල නිවාස, කාර්ය මණ්ඩල, වාහන, ඉන්ධන දීමනා, ආරක්ෂාව ඇතුළු ඒ වරප්‍රසාද සියල්ලම ආවරණය වෙන්නේ ජනාධිති හිමිකම් පනතින්. අන්න ඒ පනත තමයි මේ සංශෝධනය වෙන්නේ. ” කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරියන්ටලබා දෙන විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රකාශිත පොරොන්දුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබා ගත් ලේඛනයකින් තහවුරු වන බවය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශකරවරයා කීවේ එම ප්‍රවෘත්තිය පල කරන අවස්ථාව වනවිටත් මේ සංශෝධන සම්බන්ධ අවශ්‍ය වැඩකටයුතු කැබිනට් මණ්ඩලය විසින් සිදුකරමින් තිබුණු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කථා නායක එක්ක තරහ වුන විපක්ෂය අද නැවත සභා ගර්භයට එන්නේ නෑ ලු!

Next Post

මඩකලපුවේ පලාත් පාලන ආයතනවල බලය අල්ලන්න හැදූ එන්පීපී- පිල්ලෙයාන් හවුල ගැන රාසමාණික්කම් මන්ත්‍රීවරයා හෙළි කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.