බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩකලපුවේ පලාත් පාලන ආයතනවල බලය අල්ලන්න හැදූ එන්පීපී- පිල්ලෙයාන් හවුල ගැන රාසමාණික්කම් මන්ත්‍රීවරයා හෙළි කරයි!

by editor
ජූනි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බලයට ඇති පෙරේතකම පෙන්වමින් ජාතික ජන බලවේගය මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට පිල්ලෙයාන්ගේ පක්ෂය සමග එකතු වී එන්පීපී – පිල්ලෙයාන් හවුලක් හදාගත් බවත්,  හවුල් හදාගෙන පරාද වූ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් අද (17) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

ඔහු කීවේ පිල්ලෙයාන්ලා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දී එකට වැඩ කිරීමට යෝජනා කළ විට එය ප්‍රතික්ෂේප කළේ තමන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන නිසා බවය.

එහෙත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ, දැනට පාස්කු ප්‍රහාරය සහ මිනී මැරුම් අපරාධ සම්බන්ධව සැකකරුවෙක් ලෙස ජාතික ජන බලවේග රජය යටතේම ලබා දුන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනා අපරාධකරුවෙකුගේ දේශපාලන පක්ෂයක් සමග ජාතික ජන බලවේගය එකතු වී කරන දේශපාලනය සම්බන්ධව ඔවුන් ලජ්ජා විය යුතු බව ද රාසමාණික්කම් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“අද මඩකලපුව දිස්ත්‍රක්කයේ සභා 12ක් තියනවා. එක් සභාවක හරි එන්පීපී එකේ උප සභාපති හෝ උප නගරාධිපති තනතුරුවත් ගන්න බැරිවුනා. 12වැනි සභාවක් තියනවා. ඒකත් අපි පිහිටුවනවා.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“හැබැයි කතානායක තුමා… ඔබතුමා නියෝජනය කරන පක්ෂය ඇතුළු ආණ්ඩුව ලජ්ජා වෙන්න ඕන කාරණාවක් තියනවා. ඒක මම මේ සභාවෙදි කියන්නම්. ”

“පිල්ලෙයාන් කියන්නේ හැමෝම දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ දැනට හිරේ ඉන්න පුද්ගලයෙක්. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව. වෙනත් මර්ඩර් හා සම්බන්ධව. තමිල් අරසු කච්චි පක්ෂයවන අපේ පක්ෂයට පිල්ලෙයාන්ගේ පක්ෂය කිව්වා ‘හැම සභාවකටම අපි අපේ සහයෝගය දෙන්නම්…. සභාව පිහිටුවන් යන්න. අපි එකට වැඩ කරමු’ කියලා. අපි කිව්වා නෑ… අපි ප්‍රතිපත්තිමය වශයෙන් පිල්ලෙයාන්ල එක්ක එකතු වෙලා සභාවක් පිහිටුවන්නේ නෑ කියලා කිව්වා.

හැබැයි අද ජාතික ජන බලවේගය පක්ෂය කලවංචිකුඩි ප්‍රාදේශීය සභාවේ එන්.පී.පී පිල්ලෙයාන් හවුල එකතු වුනා. ඒත් පැරදියි. මහ නගර සභාවේ එන්පීපී පිල්ලෙයාන් හවුල… සමගි ජන බලවේගයේ කණ්ඩායමේ එක්කෙනෙකුට නියෝජ්‍ය නගරාධිපති කම දෙන්නම් කියලා… එච්චර දුරට ගියා.

මම හිතන්නේ ඉදිරිපෙළ ඉන්න ඇමතිවරුන්ගේ හා ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායමේ මේකට ඇග්‍රිමන්ට් එකක් නැතිව ඇති. එන්.පී.පී පිල්ලෙයාන් හවුල ගැන. එන්පීපී නායකයො මේක දන්නේ නැතිව ඇති. දිස්ත්‍රික් මට්ටමේ කට්ටිය කරන වැඩ.

අපි කිසිසේත් සම්බන්ධ වෙන්නෙ නැතිකොට බලයට පෙරේත වෙලා කලවංචිකුඩි ප්‍රාදේශීය සභාවෙ බලයට පෙරේතකමට පිල්ලෙයාන් එක්ක එකතු වෙලා සභා පිහිටුවන්න ගියා එන්පීපී එක.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්න ජනාධිපති හිමිකම් පනත සංශොධනයට කැබිනට් අනුමැතිය ලැබෙයි….

Next Post

රුපියල් 17500 ස්නායු ශල්‍ය වෛද්‍ය අයිතම නීති විරෝධී ලෙස රුපියල් 2,50,000ක මිලකට ස්නායු රෝගීන්ට විකිණූ ජයවර්ධනපුර රොහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් සහ කළමනාකාර සහකාරයෙක් අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.