සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති බිරිය අයෝමා රාජපක්ෂගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට…

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Ayoma
Share on FacebookShare on Twitter
  • ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කරලා… සල්ලි දුන්නෙ නැතිනම් සුනාමියක් වගේ ජන ගඟක් ගෙන්වා යලිත් රටින් පළවා හරින බව කියලා…

  • අවස්ථා ගණනක දී දිගින් දිගටම තර්ජනය කරන්න පටන් ගත් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා… සැකකරු දැන් පොලිස් අත්අඩංගුවේ…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය වූ අයෝමා රාජපක්ෂගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කළ බව කියන සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත‍්අඩංගුවට පත්වී ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ සැලොන් එකක සේවය කරන   ද්‍රවිඩ ජාතික තරුණයෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

හිටපු ජනාධිපති අයෝමා රාජපක්ෂගේ පුද්ගලික දුරකථනයට කතා කළ පුද්ගලයෙක් ඇයගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා තිබේ.  එම ඇමතුම දිගින් දිගටම පැමිණෙන විට අයෝමා රාජපක්ෂ මෙම පුද්ගලයාට පවසා ඇත්තේ තමන් හිටපු ජනාධිපතිවරයාගේ බිරිය බවත් මේ ඇමතුම නවත්වන ලෙසත්ය.

එහෙත් එම අවස්ථාවේ දී ඇමතුම්කරු පවසා ඇත්තේ  තමන් කථා කරන්නේ කාටද යන්න පිළිබඳව තමන් දන්නා බවය. එබැවින් තවත් ප්‍රමාද නොකර ලක්ෂ දහයක මුදල ලබා දෙන ලෙස ඔහු දන්වා ඇත. එසේ නොවන්නේ නම් මුල්වතාවේ මෙන් නොව,  සුනාමියක් සේ සෙනග ගෙන්වා නිවස වට කර ඔවුන් පළවා හැරීමට කටයුතු කරන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ පුද්ගලයාගේ ඇමතුම් තර්ජනාත්මකව කිහිපවරක්ම ලැබුණු පසු රාජපක්ෂ මහත්මිය ඒ සම්බන්ධව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට දන්වා ඇත.

ඉන් අනතුරුව සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට වින්දිත පාර්ශවය කටයුතු කර තිබේ. එම පැමිණිල්ලට අනුව විමර්ශන මෙහෙයවූ පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයාට අයෝමා රාජපක්ෂගේ පුද්ගලික දුරකථන අංකය ලැබුණු ආකාරය ගන මේ වනවිට විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 14-18 පාසල් සිසුන් 300ක් සහභාගී වූ ෆේස් බුක් සාදයක් ගම්පොල දී වටලයි… ගංජා සමග 12ක් කොටු!

Next Post

ජනතා විරෝධී පාලකයින්ට එරෙහිව හමුදාව සහ පොලිසියත් නැගී සිටින බව පාලකයින් සිහි තබා ගත යුතුයි – අනුර කුමාර දිසානායක

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.