හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාව යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. හිටපු අමාත්‍යවරයාව මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අල්ලස් ලබා ගැනීමකට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරයාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දින (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ.
අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ අදාල විමර්ශනයන් අවසන් නොමැති බවයි. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය කළාය.







