කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් වයස අවූරුද 60ට වැඩි පුද්ගලයින්ට අතිරේක මාත්‍රාවක් හෙවත් බූස්ට ඩෝස් එකක් ලබා දීමට විශේෂඥ එන්නත් කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.
මෙසේ අතිරේක මාත්‍රාව ලෙස ඔවුන් නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත යැයිද හෙතෙම සදහන් කරයි.
වයස අවුරුදු 30ට වැඩි, පිළිකා වකුගඩු , හෘදයාබාධ වැනි නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට, සෞඛ්‍ය සේවකයින්ට හා අත්‍යවශ්‍ය සේවාවන්ගේ නිරතව වන පුද්ගලයින්ටද අතිරේක මාත්‍රාවක් ලෙස මෙම මාත්‍රාව ලබා දීමට එන්නත් කමිටුව තීරණයකර ඇත.
මේ අනුව තව නොබෝ දිනකින් මෙම පුද්ගලයන් කණ්ඩායම් සඳහා අතිරේක මාත්‍රාවක් හෙවත් “බූස්ටර් ඩෝස් එකක්“ ලෙස ෆයිසර් එන්නත ලබා දීමට මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර ඇතැයිද වෛද්‍ය හේරත් වැඩිදුරටත් අනාවරණය කළේය.







