මෙරට තුළ අවුරු 30 ට වැඩි සමස්ත ජනගහනයෙන් 99.5% ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබෙන පසුබිමක අද වනවිට අවුරුදු 20-29 දක්වා වූ කොටසෙන් එන්නත් කරගෙන ඇත්තේ 12.7% කට පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 100% කට පමණ අවම වශයෙන් එක් මාත්‍රාවක් වත් ලැබී ඇති නමුත් අවු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩයේ 46% කට එක් මාත්‍රාවක් ලබා දී ඇති බවයි.
‘ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය සලකා බැලීමේදී, එක් මාත්‍රාවක් 64% දක්වා ලබා දීමට අපට හැකි වී ඇති අතර මාත්‍රාවන් දෙක 53% ක් ලබා දී ඇත,’ ඔහු තහවුරු කළේය.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ තරුණයින් එන්නත් ලබා ගැනීමට දැඩි අකමැත්තක් දක්වන බව ඔවුන් දුටු බවයි.
‘මිථ්‍යා විශ්වාසයන්ට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙස අපි තරුණ ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු,’ ඔහු පැවසීය.







