ශ්‍රියානි විජේසිංහ
ජනතාවට සෞඛ්‍ය සේවාව නිසි පරිදි ලබා දීමට, සෞඛ්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මේ අනුව නව රජයේ ව්‍යවස්ථා සංශෝධනයේදී සෞඛ්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත්කිරීමට අදාල ව්‍යවස්ථා සංශෝදනයක් කරන්නැයි සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සෞඛ්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් නැතහොත් ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාත්මක වන්නේ නම් පමණක් ගුණාත්මක සෞඛ්‍ය සේවාව සමානාත්මතාවයෙන් රටපුරා ව්‍යප්ත කළ හැකි වන බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.
මේ වන විට වෛද්‍ය සේවාව පමණක් දීප ව්‍යාප්ත කර ඇති නමුදු අනෙකුත් සෞඛ්‍ය සේවාවන් පොදු ප්‍රතිපත්තියක් යටතට ගෙන ඒම වඩාත් වැදගත් යැයි හෙතෙම පෙන්වාදේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය වී සිටි කාලයේ සෞඛ්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිමට කැමැත්ත පල කළනමුත් ජාතික ප්‍රතිපත්තියක් යටතට ගෙන ඒමට නොහැකි වූ බව විශේෂඥවරයා පෙන්වාදේ.