දිනසේන රතුගමගේ
යාපනය පේදුරුතුඩුව තුම්පලෙයි ප්‍රදේශයේ ධීවරයින්ට අයත් ධීවර පැල්පත් කීපයකට හා ධීවර බෝට්ටු හතරකට 12 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිණි තබා තිබේ.
ධීවර වෙරළේ නවතා තිබූ මෙම ධීවර යාත්‍රා වලට ගිණි තැබීම නිසා ඒවා සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ගොස් තිබේ.
ගිණි තබන ලද ධීවර වාඩිද සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශ වී ගොස් ඇති අතර ධීවර වාඩි වල තිබූ දැල් හා ධීවරයින්ගේ ඇදුම් පැළදුම්ද ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ.
පේදුරුතුඩුව තුම්පලෙයි ධීවරයින් මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.









