කොවිඩ් රෝගය සමාජ තුල ව්‍යාප්ත වුවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නවතම චක්‍රලේඛය මගින් ආසාදිතයින් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගම සඳහන් කරයි.
මෙතෙක් කලක් ආසාදිතයින් සොයා ගැනීම සිදුකළේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙක් නිරෝධායනයට ලක්කර දින 10 ක් ගත වූ පසුව කරන ලද පීසීආර් වාර්තාවක් මගින් වුවද නවතම චක්‍රලේඛයට අනුව එය කළ හැකි වන්නේ නිරෝදායනයටලර දින 14 – 16 ගත වූ පසුව සිදුකරන ඇන්ටිජන් පරික්ෂාවකින් යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
මෙම දින ගණන තුළ ඇන්ටිජන් පරික්ෂාවකින් ආසාදිත බව සොයා ගැනීමට නොහැකි වන බවත් ඔහු ආසාදිතයෙකු බව පෙන්වීමට ශරීරය තුළ විශාල වයිරස් ප්‍රමාණයක් පැවතිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
එහෙත් මෙම පුද්ගලයා ව පීසීආර් පරික්ෂාවකට ලක් කළහොත් බොහෝ දුරට ආසාදිතයෙකු බව තහවුරු කර ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරයි.
රැපිඩ්ඇන්ටිජන් පරික්ෂාව මගින් ආසාදිතයන් වාර්තා වීම අඩු වුවද රෝග ව්‍යාප්තිය විශාල වශයෙන් සමාජ තුළ සිදුවීම වැලැක්විය නොහැකි වනු ඇතැයි ද උපුල්රෝහණ කියයි.
දැනට ලෝකයේ කෙරී ඇති අලුත්ම පර්යේෂණ වාර්තා තහවුරු කරන්නේ හොඳම තත්වයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් වුවත් ලෙඩුන් 100කගෙන් 30ක් නිසැකවම මග හැරෙන බවය.