අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජපාන රජය ඩොලර් මිලියන 38 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (14) ප්‍රකාශ කළේය.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් රජයෙන් යෙන් බිලියන 5ක ප්‍රදානයක්, ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකරලා තියෙනවා. “
“ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස ඉන්ධන, ප්‍රධාන වශයෙන් ඩීසල් සැපයීම් සඳහා තමයි මේ ප්‍රදානය ලබාදීලා තියෙන්නේ.”







