අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සෞඛ්‍ය වර්ජනය අනීතිකයි… ව්‍යවස්ථා විරෝධීයි… නිශ්චිත මැදිහත්වීමක් කරන්නැයි GMOA  රජයට  දන්වයි!

Says the demand for DAT allowance by secondary-level health sector employees is considered unreasonable, unconstitutional, and illegal

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේජර් ජනරාල් කෙනෙකුගේ දීමනා සෙබලෙකුට නොලැබෙන බව දැනගන්න… වෘත්තිය විහිලුවක් නොකර අපටත් සහයෝගය දිය හැකි සාධාරණ ඉල්ලීම් සමග සටනට එන්න… GMOA සෞඛ්‍ය වෘත්තීය සමිති වෙත කියයි…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ රැඳී සිටීමේ බාධා කිරීමේ සහ ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු තමන්ට අදාල නැති  එම දීමනාව ඉල්ලා මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙනා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතියික ශ්‍රේණිවල සේවකයින්ගේ වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බවත්. එම වැඩවර්ජනයට මුල් වූ  ඉල්ලීම විහිලු සහගත, ව්‍යවස්ථා විරෝධී අනීතික ඉල්ලීමක් බැවින් ඒ සම්බන්ධව රජය මැදිහත්ව ක්‍රියාකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (15) විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය.

රටේ ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ප්‍රකාරව සමානයන්ට සමාන ලෙස සැලකිය යුතු බව දන්වා ඇතත් අසමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපාදන නැති බව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස වෙනත් වෘත්තීය ඛාණ්ඩයක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්දව අදහස් ප්‍රකාශ නොකරන නමුත් මේ තත්ත්වය විශේෂිත බව කී ලේකම්වරයා රටේ සෑම ක්ෂේත්‍රයමක නිශ්චිත බෙදීමක් දක්වා වැටුප් තල සහ දීමනා ලබාදීමේ ප්‍රතිපත්තිමය වෙනස ඇති කර තිබෙන්නේ පුද්ගල වගකීම, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි ස්වරූපය, ඇතුළ සමස්තය නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව බව කීවේය.  සරසවි මහාචාර්යවරයෙකුගේ දීමනා කාර්යාල කාර්ය සහායකයෙකුට නොලැබෙන්නේත්, විනිසුරුවරයෙකුගේ දීමනා ලිපිකරුවෙකුට නොලැබෙන්නේත්, මේජර් ජනරාල් වරයෙකුගේ දීමනා හෝ වරප්‍රසාද  කෝප්‍රල්වරයෙකුට නොලැබෙන්නේත් ඒ හේතුවෙන් බව කී වෛද්‍ය හරිත අලුත්ගේ සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්වන වෛද්‍යවරුන්ගේ වෘත්තියට විශේෂ දීමනාවක්  එම ක්ෂේත්‍රයේ ප්‍රාථමික හෝ ද්විතියික නිලධාරීන් ඉල්ලන්නේ මොන පදනමකින් දැයි විමසුවේය.

මේ ද්විතියක ශ්‍රේණියට පහළ සේවකයින් වෛද්‍යවරුන්ට සමාන වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ලේකම්වරයා මේ සේවකයින් මෙහෙයවන වෘත්තීය සමිති තමන්ගේ දේශපාලන අමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර හරහා රට දැවැන්ත අගාධයකට රැගෙන යන බව අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද එක් වී සහාය දිය හැකි ආකාරයට තමන්ගේ වෘත්තිය තුළ තමන්ට අයත් වරප්‍රසාද වෙනුවෙන් සටන් කරන ලෙසත්, තමන් ඉල්ලූ ඩැට් දීමනාවෙන් සියයට 15ක් පමණක් ලැබෙන විට මෙම වෘත්තීය සමිති ඉල්ලූ ඉල්ලීම්වලින් සියයට 50ක් රජය විසින් සපුරා ඇති බවත්ය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

වෛද්‍ය අලුත්ගේ මෙසේ ද කීවේය.

වෛද්‍යවරුන්ට අනන්‍ය දීමනාවක් පසුගිය දා ලැබුනේ රටම පෙළ ගැහිලා කළ ඉල්ලීමක් මිස රජය බන්දේසියක් මත තබා දුන්න දෙයක් ලෙස නෙමෙයි.

ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවට ගණනාවක් තිබුණා. පාරට බහින්න වුනා. වැඩවර්ජන ගැන නිවේදන නිකුත් කරන්න සිද්ධ වුනා. වෛද්‍යවරුන්ට පමණක් විශේෂ වන DAT  දීමනාව  හෙවත් රැඳී සිටීමේ බාධා කිරීමේ සහ ප්‍රවාහන දීමනාව    යාවත්කාලීන කිරීමේ ඉල්ලීමයි අපි කළේ.

මේ වෙලාවේ තියන ආර්ථික තත්ත්වය මුදල් තත්ත්වය සලකලා අවම වශයෙන් එම දීමනාව වැඩි කලා. DAT දීමනාව විශේෂ සමීකරණයක් හරහා තමයි ගණනය කරන්නේ. ඒ සමීකරණයට අගයන් ආදේශ කළාම   අදට ගැලපෙන මිල රුපියල් ලක්ෂ 3යි. 2018 එක් ඒ මිල රුපියල් එක් ලක්ෂ විසි දාහයි.

අපි අඛන්ඩව වෛද්‍යවරුන්ගේ ගැටලු ඉදිරිපත් කරලා වඩාත් ගැලපෙන විසඳුම DAT  දීමනාව යාවත්කාලීන කිරිම බව පෙන්නුවා.

ඔවුන්ගේ සහ අපේ ඉල්ලීම

වෛද්‍යවරුන්ගේ දීමනා වැඩි වුනා කියලා අද දවසේ එළියට බැහැලා ඉන්න වෘත්තීය සමිතිවල ඉල්ලීම මොකක් ද? වෛද්‍යවරුන්ගේ දීමනාව වැඩිවන මොහොත දක්වා සියලුම දෙනාගේ ඉල්ලීම වුනේ කුමක් ද?. එය විමසා බැලිය යුතුයි.

සමස්ථ රාජ්‍ය සේවය තුළ රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් දෙන්න කියන කාරණය තමයි අද මේ එළියට බැහැලි ඉන්න සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලුවේ.

රජය පැත්තෙන් ඒකට ඇහුමක්න දුන්නා. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවයට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් කළා.

නමුත් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වුනේ අදට ගැලපෙන ආකාරයට ආර්ථික යුක්තිය ඉෂ්ට කරන්න කියන එක.  ඒ සදහා ප්‍රවේශයක් ලෙස DAT දීමනාව යාවත් කාලීන කරන්න කියන එක. ඒ හරහා ඩැට් දීමනාව 35000 ලක්ෂ 3 දක්වා වැඩිවෙන්න නියමිත වුනා. ඒ අනුව දෙලක්ෂ හැට දහසකට වැඩි දීමනා වැඩිවිමක් තමයි සිද්ධ විය යුතුව තිබුණේ.  නමුත් රජය පැත්තෙන් අපට දීලා තියෙන්නේ අපේ ඉල්ලීම්වලින් සියයට 15ක්.

නමුත් දැනට එළියට බැහැලා ඉන්න වෘත්තීය සමිතිවල තිබුණ ඉල්ලීම සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප විසි දාහක් කරන්න කියන එක. රජය එම වැටුප 10000කින් වැඩි කළා. ඔවුන්ගේ ඉල්ලීම සියයට 50ක් දෙද්දි වෛද්‍යවරුන්ගේ ඉල්ලීමෙන් සියය15 යි දීලා තියෙන්නෙ.

ප්‍රශ්නය කොතැන ද?

තියන තත්ත්වය යටතේ ප්‍රශ්න තියෙන්නේ කොතැනද?. රාජ්‍ය සේවයේ ඛාණ්ඩවලට බෙදලා තියනවා රැකියාවේ ස්වරූපය, අධ්‍යාපන සුදුසුකම්, රැකියාවෙ  වගකීම  අනුව. ඒ සියල්ල සැලකීමට අරන් ජාතික වැටුප් ප්‍රතිපත්තිය හරහා කාණ්ඩ හතරක් ඔස්සේ වැටුප් ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ

එම ඛාණ්ඩ තමයි  ප්‍රාථමකි ද්විතීය තෘතීය සහ ජ්‍යෙෂ්ඨ කියන ඛාණ්ඩ හතර.  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වෛද්‍යවරු. ඔවුන්ට අනන්‍ය  දීමනාවක් තමන්ටත් ඉල්ලලා  අද එළියට බැහැල ඉන්න අයගෙන් බහුතරයක් අයත් වෙන්නේ ද්විතීයික ශ්‍රේණියට.  තවත් කොටසක් ප්‍රාථමික ශ්‍රේණියට අයිති වෙන්නේ.

මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඉතාම පැහැදිලිව පෙන්වලා දෙනවා.  රාජ්‍ය සේවයේ මේ වෙනස්කම් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. රාජ්‍ය සේවය වගේම  සමාජ සාධාරණත්වය කියන පදනමින් සාධාරණය ඉෂ්ඨ කරන්න.

මොකද අපි දකිනවා හැම ක්ෂේත්‍රයකම මේක තියනවා. හමුදාවේ මේජර් ජනරාල් කෙනෙකුට ලැබෙන වරප්‍රසාද කෝප්‍රල් කෙනෙකුට හො  නවක සෙබලෙකුට ලැබෙන්නේ නෑ. විනිශඡයකාරවරයෙකුට ලැබෙන දේ උසාවියෙ වැඩ කරන අනෙක් සේවාවන්වලට ලැබෙන්නෙ නෑ. විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ලැබෙන වැටුප දීමනා වරප්‍රසාද විශ්විද්‍යාලයෙ වැඩ කරන කාර්යාල කාර්ය සහායකයන්ට ලැබෙන්නේ නෑ.  හැම ක්ෂේත්‍රයකම එහෙම තමයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් එහෙම තමයි. වෛද්‍යවරු ඒ සේවය තුළ අයත් වන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමට. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වැටුප් ව්‍යුහයේ ද්විතීය මට්ටමේ ඉන්න නිලධාරීන් එළියට ඇවිත් කියන කාරණාව තමයි වෛද්‍යවරුන්ගේ DAT  දීමනාව 35000 ක මුදල 70000ක් කළා නම් අපිටත් DAT දීමනාව දෙන්න ඕන කියන කාරණාව.

දේශපාන වෘත්තීය සමිති තමන්ගේ වෘත්තියටම කරන්නෙ විනාශය 

ඒ අයගේ හිත ඇතුළේ මොන මොන  දේවල් තියනව ද දන්නේ නෑ. ඒ අයට තමන්ගේ සාමාජිකත්වය වෙනුවෙන් ඉල්ලීම් කරන්න ඕන නම් ඒ අයට තමන්ට අනන්‍ය වෙච්චි ඉල්ලීම් ඕන තරම් තියනවා ඉදිරිපත් කරන්න. හැමෝටම අමාරුයි. ඒ අය ඉල්ලුවේ ජීවන වියදම් දීමනාව වැඩි කරන්න කියලා. ඉල්ලපු විසි දාහෙන් දහ දාහක් දීලා තියනවා.

ඒක ප්‍රමාණවත් නැතිනම් ඒ අයට කියන්න පුලුවන් විසි දාහ වැඩි කරන්න කියලා. ඒ අයට අනන්‍ය වෙච්චි දීමනා තියනවා. රිස්ක් එලවන්ස් එක වගේ දීමනාවක්.  දිරි ගැන්වීමේ දීමානවක්. අවශ්‍ය නම් ඇයි ඒ වෙනුවෙන් සටන් කරන්නේ නැත්තේ. ඇයි නිල ඇඳුම් දීමනාව වැඩි කරන්න ඉල්ලන්නේ නැත්තේ. වෛද්‍යවරුන්ට අනන්‍ය  දීමනාවක්  වැඩි වුනාට පස්සේ ඒ දීමනාව ඉල්ලා වැඩ වර්ජනය කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක්. අනික් අතට මේ අය කරන්නේ සමාජය තුළ ඒ අයගේ වෘත්තීය හාස්‍යයට ලක් කිරීමක්.

සාමාජිකත්වය තේරම් ගන්න ඕන…  සමහර නායකයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ඔස්සේ වෙනත් යටි අරමුණු ඔස්සේ සාමාජිකයන් කැන්දන් යන්නේ කොතෙන්ට ද?. මේ වෘත්තීය සමිති නායකයන් රට කොතෙන්ට ද ගෙනියන්න හදන්නේ. තමන්ගේ වෘත්තිය කොතෙන්ට ද ගෙනියන්න හදන්නේ. මේක බරපතල කාරණාවක්.

මේ වැඩ වර්ජනය අනීතිකයි

වඩාත්ම බරපතල කාරණාව වන්නේ නීති විශාරදයන් මේ සම්බන්ධව කරන විග්‍රහය. ඒ විග්‍රහය   රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයටත් දැනුම් දීලා තියනවා. මේ ඉල්ලීම  රටේ ආන්ඩුක්‍රම ව්‍යස්ථාවත්  උල්ලංඝණය කරන අනීතික ඉල්ලීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට අනුව ඉතාම පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියන දේ තමයි සමානයන්ට  සමාන ලෙස සලකන්න ඕන. ඊට කාටවත් විරුද්ද වෙන්න බෑ කියන කාරණාව.

අද එළියට බැහැල හඬ නගන වෘත්තීය සමිති නායකයින්ට තමන්ගේ සමානයන් කවුද කියලා අමතවෙලා තියනවා. ඒ අය එළියට බැහැලා හඬ නගනවා වෛද්‍යවරුන් සමග සමාන වෙන්න.  ඒක කවදාත් වෙන්නේ නැති දෙයක්  වගේම එය නොවිය යුතු දෙයක්.

අනික් පැත්තේන් අසමානයන්ට සමාන ලෙස සලකන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. මෙතැනදි වෙලා තියෙන්නේ මේ අයගේ ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එ්    අසමානයන් සමාන කරන ඉල්ලීමක්. එතකොට රජය පැත්තෙන් ඉතාම පැහැදිලිව ක්‍රියාත්මක විය යුතුයි. මෙය වැරදි සහග, අනීතික, විහිලු සහගත, අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයන වැඩ වර්ජන ක්‍රියාවලියක්. ඉතාම පැහැදිලිව මේ සම්බන්ධව ඒ අයගේ ස්ථාවරය පැහැදිලි විය යුතුයි.

ඔබගේ සාධාරණ ඉල්ලීමක්  සමග වෘත්තීය අරගල කරන්න…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි සාමාන්‍යයෙන් අනෙක් වෘත්තීය ඛාණ්ඩවල වැඩ වර්ජන පිළිබඳ අපේ මත පල කරන්න් නෑ.  නමුත් මේ අය ඉදිරිපත් කරන ඉල්ලීම් ඉතාම බැරෑරුම් ඉල්ලීමක්. ඒ අය සාධාරණ ඉල්ලීමක් එක්ක ඉදිරියට එනවා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට සහයෝගය දෙන්න ලෑස්තියි.

මෙතන තියෙන්නේ අයිති නැති දීමනාවක් ඉල්ලා කරන වැඩ වර්ජනයක්. ඒ වගේ වර්ජනයක  ජයග්‍රහණයක් නෑ. නමුත් මේ පරාජය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම සම්බන්ධව යම් කණගාටුවක් තියනවා. මොකද මේ අය සෞඛ්‍ය සේවාව ඇතුළෙ වැඩ කරන කණ්ඩායමක්. ඒ බිඳීම ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගවලදි ගැටලුවක් වෙනවා. ඒ නිසා සාධාරණ ඉල්ලීම් සමග ඉදිරියට යන්න.

මේ අවස්ථාව සම්බන්ධව    අවශ්‍ය තීන්දු තීරණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි  ගන්නවා. හෙට දවස වනවිට වැඩ වර්ජනය ආරම්භ  වෙනවා නම්    වෛද්‍යවරු විදිහට  අපේ වපසරිය තුළ උපරිමව  ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධව වෛද්‍යවරු ලෙස අපි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද කියන කාරණාව සම්බන්ධව නිශ්චිත උපදෙස් මාලාවක් නිකුත් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් තවත් 03ක් පනී… 02ක් අත් අඩංගුවට… දැන් අතුරුදහන් රැඳවියන් ගණන 12යි….

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී බස් රථයක් දැවී අලුවෙයි… (වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.