දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී සුඛෝපභෝගී මගී බස් රථය එක්වරම ගිනිගෙන මුලුමනින්ම විනාශ වී යන ආකාරය සම්බන්ධව වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ.
මේ ගින්න හේතුවෙන් කිසිම මගියෙකුට හානියක් සිදු නොවූ අතර ගින්න එක්වරම නැගී බස් රථය විනාශ වන්නට පෙර ඔවුන් සියලුදෙනාම බස් රථයෙන් ඉවත් කරගැනීමට හැකි වි ඇතැයි පොලිසිය පවසයි.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බව වාර්තා වේ.
මේ එම අනතුර සිදුවන ආකාරයයි…